ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔයාට තමන්ගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න අවශ්‍යය වෙන මූලික දේවල් හැම එකක්ම අපි පියවරෙන් පියවර කතා කරලා තියෙනවා. දැන් අපි කතා කරන්නේ ඔයා ඒ විදිහට ආරම්භ කරපු ව්‍යාපාරය ආරක්ෂා කර ගැනීම සඳහා වැදගත් වෙන දේවල් ගැන. ඕනෑම business එකක් පවත්වාගෙන යාමට වැදගත් වෙන අවදානම් කළමනාකරණය සහ සයිබර් ආරක්‍ෂාව කියන දේවල් ගැන අපි මේ වෙනකොටත් කතා කරලා තියෙනවා.
ඔයා සූදානමින් සිටියේ නැතිනම්, අනපේක්ෂිත සිදුවීම් ඔයාගේ ව්‍යාපාරයට බරපතල බලපෑමක් ඇති කරන්න පුළුවන්.
- ඔබේ ව්‍යාපාරයේ මූල්‍ය කටයුතු
ඔයාගේ business එකේ මූල්‍ය කටයුතු හරියට කළමනාකරණය කිරීම ඔබව මූල්‍ය කරදරවලින් ඈත් කර තැබීමට උපකාරී වෙනවා.
ඔයාගේ Business එකේ financial health එක Track කරන හැටි අපි කලින් කතා කළා. අද අපි බලන්නේ ඔයා අලුතෙන් පටන් ගත්ත Business එකේ cash flow එක Manage කරන විදිහ ගැන.
Manage cash flow
cash flow එක කියන්නේ ඔයාගේ ව්‍යාපාරයේ දී ලැබෙන සහ වියදම් වෙන මුදල්. supplier cost එක වැඩිවීම වැනි ඔයාගේ පාලනයෙන් තොර දේවල් නිසා එය වෙනස් වෙන්න පුළුවන්.
cash flow එකේ යම් කිසි සුළු වෙනසක් සිදුවීම සාමාන්‍ය දෙයක්. නමුත් දිගු කාලයක් තිස්සේ ලැබෙන්නේ, වියදම් වෙන මුදලට වඩා අඩු මුදලක් නම් එය ගැටළුවක් වෙන්න පුළුවන්.
ඒ නිසා ඔයාගේ business එක කඩාගෙන වැටෙන්නේ නැතුව එහි ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගන්න, ඔයාගේ cash flow එක manage කරන විදිහ කල්තියා සැලසුම් කිරීම වැදගත්.
Business එකේ Finance සම්බන්ධව අපි මේ වෙනකන් කතා කරපු දේවල් වලට අනුව ඔයාගේ checklist එක;
- අසාමාන්‍ය ඕනෑම දෙයක් දැකපු ගමන් ඔයාගේ ප්‍රධාන financial documents Review කරන්න
- ඔබේ industry එකේ අනෙකුත් business වලට එරෙහිව ඔබේ business එක Benchmark කරන්න
- ඔබේ ව්‍යාපාරයට ඇතුළු වන සහ පිටතට යන මුදල් නිරීක්ෂණය කිරීමට cash flow statement එකක් භාවිතා කරන්න
- ඔබේ cash flow එක නිතිපතා review කරන්න
- ඔබේ මුදල් වැඩි කිරීමට සහ ඔබේ මුදල් පිටතට ගැනීම අඩු කිරීමට ක්‍රම සොයා ගන්න
- අඩු කාලවලදී ඔබට උපකාර කිරීමට emergency buffer එකක් තබා ගන්න
- ඔබට අවශ්‍ය නම් වෘත්තීය සහාය ලබා ගන්න