ඊජිප්තුව කියන්නේ ලෝක ඉතිහාසයේ සුවිශේෂී වටිනාකම් රැසකට හිමිකම් කියන විශිෂ්ඨ වගේම දැවැන්ත ශිෂ්ටාචාරයක් හිමි රටක්. ඒ නිසාම ඊජිප්තුව එහි පැමිණෙන සංචාරකයන්ට වෙනස් වූ අත්දැකීමක් ලබා දෙනවා.
ඔයා දැනගෙන හිටියද මේ සුන්දර ඊජිප්තුව අඩු වියදමකින් සංචාරය කරන්න පුළුවන් රටක් කියලා? අද අපි කතා කරන්නේ ඊජිප්තුව ගැන.
පවුම අවප්‍රමාණය වීමත් සමඟ ඊජිප්තුව ලාභදායී ගමනාන්තයක් වී ඇති අතර මහා ඊජිප්තු කෞතුකාගාරය සංචාරකයන් වෙනුවෙන් එහි දොරටු විවෘත කර තිබෙනවා.
ගීසා පිරමීඩ ඔයාගේ bucket list එකේ තිබුණා නම් මේ තමයි ඒකට හොඳම කාලය. ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය ලෙස සැලකෙන Grand Egyptian Museum (GEM) එක 2025 අගභාගයේදී විවෘත කිරීමත් සමඟ ඊජිප්තුවේ සංචාරයට තවත් වැදගත්කමක් එකතු වෙනවා.
ඊජිප්තුවේ විශාල ඓතිහාසික හා සංස්කෘතික ආකර්ෂණයන්ට අමතරව, ඉතා සැහැල්ලු සංචාරක අත්දැකීමක් එකතු කරන Dahab වෙතත් ඔයාට යන්න පුළුවන්. එහි windsurfing සහ scuba diving sites ලොව පුරා සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගෙන තිබෙනවා.
ඉතින් ඔයත් අඩු මුදලකින් සංචාරය කරන්න කැමති කෙනෙක්නම් සුන්දර ඊජිප්තුවත් අමතක කරන්න එපා.
Image credit: www.indietraveller.co