අපි කලින් article එකකින් කතා කළා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගන්න අවශ්‍යය සුදුසුකම් ගැන. අද අපි බලමු ඒ සඳහා අයදුම් කරන ආකාරය.
ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කරන ආකාරය
ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ කවුන්ටරයට අයදුම්කරුවන් විසින් පෞද්ගලිකව අයදුම්පත ඉදිරිපත් කළ යුතු වෙනවා. counter එකට ඔයාගේ application එක ඉදිරිපත් කරන්න, කලින් appointment එකක් ලබා ගත යුතුයි. පෙ.ව. 9.30 සිට ප.ව. 1.30 දක්වා ඕනෑම වැඩ කරන දිනයක ඔයාට appointment එකක් ලබාගන්න පුළුවන්. කාර්යාලය වසා තිබෙන දින බලාගන්න ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ වෙබ් අඩවියට පිවිසෙන්න.
වයස අවුරුදු 16 ට වැඩි අයදුම්කරුවන් application එක ඉදිරිපත් කිරීමට සහ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරියෙකු ඉදිරියේ දිවුරුම් ප්‍රකාශය අත්සන් කිරීමට කාර්යාලයට පැමිණිය යුතු වෙනවා.
වයස අවුරුදු 16 ට අඩු අයදුම්කරුවන් දිවුරුම් ප්‍රකාශය අත්සන් කිරීම සඳහා කොන්සල් ජනරාල් කාර්යාලයට පැමිණිය යුතු නැහැ.
ප්‍රධාන අයදුම්කරු වයස අවුරුදු 16 ට අඩු මෙම අයදුම්කරුවන් වෙනුවෙන් අත්සන් කළ යුතු අතර අයදුම්පතේ ඇති ඔවුන්ගේ සම්බන්ධතාවය (උදා: මව/පියා) කොන්සල් ජනරාල් කාර්යාලයේ කාර්යාලයේ නිලධාරියෙකු ඉදිරියේ සඳහන් කළ යුතුයි.
South Australia සහ Tasmania හි පදිංචි ශ්‍රී ලාංකිකයන්
South Australia සහ Tasmania හි පදිංචි ශ්‍රී ලාංකිකයන්ට සාම විනිසුරුවරයෙකු විසින් දිවුරුම් ප්‍රකාශය අත්සන් කිරීමෙන් පසු තැපෑලෙන් තම අයදුම්පත් යවන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය Application එක download කරගැනීමට පහත link එකෙන් ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.