Business එකේ Intellectual Properties ආරක්ෂා කරගන්න විදිහ

  • Home
  • /
  • Blog
  • /
  • Business එකේ Intellectual Properties ආරක්ෂා කරගන්න විදිහ

ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාට තමන්ගේම Business එකක් පටන් ගන්න විදිහ අපි පියවරෙන් පියවර කතා කළා. දැන් අපි කතා කරන්නේ එහෙම පටන් ගත්ත ඔයාගේ Business එක ආරක්‍ෂා කරගන්න විදිහ ගැන.

ඔයාගේ Business එකේ ආරක්ෂාව ගැන හිතනකොට තවත් වැදගත්ම දෙයක් තමයි brand එක සහ reputation එක. ඕනෑම ව්‍යාපාරයක සාර්ථකත්වයට මේ Brand එක සහ එහි කීර්තිය ආරක්ෂා කර ගැනීම වැදගත් වෙනවා.

 

  1. ඔබේ වෙළඳ නාමය සහ කීර්ති නාමය ආරක්ෂා කරන්න

නරක ප්‍රතිරූපයක් ඔයාගේ ව්‍යාපාරයට බරපතල බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ Brand එක ආරක්ෂා කර ගන්නේ කොහොමද සහ ගනුදෙනුකරුවන් සතුටින් තබා ගන්නේ කොහොමද කියන දේ ගැන අවධානය යොමු කළ යුතුයි.

මේකෙදි වැදගත්ම දෙයක් වන Intellectual Property (IP), එහෙමත් නැත්නම් බුද්ධිමය දේපළ ආරක්ෂා කරගැනීම ගැන අද අපි බලමු.

 

ඔබේ බුද්ධිමය දේපළ ආරක්ෂා කරගන්න

ඔයා නිර්මාණය කරන බුද්ධිමය දේපළ (IP) කියන්නේ වැදගත් ව්‍යාපාරික වත්කමක් හෙවත් business asset එකක්.

මේ බුද්ධිමය දේපල වලට, ඔයාගේ business name එක, brand එක, product designs සහ inventions ඇතුළත් වෙනවා.

ඔබේ intellectual properties වල වටිනාකම වර්ධනය විය හැකි නිසා, IP rights සමඟ එය ආරක්ෂා කිරීම වැදගත්. IP rights එකක් තිබීම, ඔයාගේ අවසරයකින් තොරව කෙනෙක් ඔයාගේ බුද්ධිමය දේපළ භාවිතා කරන අවස්ථාවක ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඔබට උපකාරී වෙනවා.

සමහර IP rights නොමිලේ සහ ඉබේම ඔබට ලැබෙනවා. උදාහරණයක් විදිහට, ඔයාගේ නිර්මාණ වන writing, images සහ music  දක්වන්න පුළුවන්.

IP Australia සමඟ අනෙකුත් අයිතිවාසිකම් ලියාපදිංචි කළ යුතුයි. මේවාට trade marks, patents සහ design rights ඇතුළත්.

අද අපි කතා කරපු දේවල් එක්ක ඔයාගේ Business එකේ brand එක සහ reputation එක ආරක්ෂා කරගැනීමට අදාළ ඔයාගේ checklist එක වෙන්නේ; 

  • ඔබේ IP assets හඳුනා ගන්න
  • ඕස්ට්‍රේලියාවේ සහ විදේශයන්හි IP rights සඳහා අයදුම් කරන්න (අවශ්‍ය විට)
  • ඔබේ IP rights උල්ලංඝනය වනවා දැයි අවධානයෙන් සිටින්න 
  • කාලය අනුව ඔබේ IP rights අලුත් කරන්න

Don't forget to share this post!

Recent Posts

839
May 1, 2026