අපි කලින් article එකකින් කිව්වා විදේශ රටවල් වලදී පවා ඔයාට අදාළ වෙන ඕස්ට්‍රේලියානු නීති ගැන..
අද අපි බලමු ඔයා ඕස්ට්‍රේලියානුවෙක් විදිහට වෙනත් රටකදී නීතිය කඩ කළොත් වෙන්නේ මොකක්ද කියන එක.
ඔයා නීතිය කඩ කළොත් මොකක්ද වෙන්නේ?
ඔයා විදේශ රටකදී නීතිය කඩ කළොත්, ඔයාව අත්අඩංගුවට අරගෙන සිරගත කරන්න පුළුවන්. එහිදී ඔයාට අදාළ රටේ දේශීය නීති සහ බන්ධනාගාර පද්ධතිය සමඟ කටයුතු කරන්න සිද්ද වෙනවා.
ඔයා ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් වුණත් ඔයාට ඒ රටේ බලධාරීන්ගෙන් විශේෂ සැලකීමක් අපේක්‍ෂා කරන්න බැහැ.
සමහර අවස්ථා වලදී ඔයා බාලවයස්කාරයෙක් වුණත් ඔයාට වෙනස් සැලකිල්ලක් බලාපොරොත්තු වෙන්න බැහැ. මොකද සමහර රටවල බාල වයස්කාරයන්ටද, වැඩිහිටියන්ට සමානව චෝදනා එල්ල කර වරදකරු කරනවා.
ඔයා ආපසු ඕස්ට්‍රේලියාවට ආපසු පැමිණෙන විට, ඔයා විදේශ රටකදී සිදු කළ අපරාධයක් සඳහා ඕස්ට්‍රේලියානු බලධාරීන්ට ඔයාව අත්අඩංගුවට ගන්න පුළුවන්.
ඔයා විදෙස් රටකදී වරදක් සිදු කළොත්, ඕස්ට්‍රේලියානු රජයට ඔයාට උදව් කළ හැකි අවස්ථා සීමිතයි. රජයට ඔයාව සිරගෙයින් නිදහස් කර ගැනීමට හෝ ඔයාගේ legal bills හෝ දඩ මුදල් ගෙවීමට හැකියාවක් නැහැ.
ඒ නිසා රට තුළ සිටියත් රටින් පිටත සිටියත් සෑම විටම නීතිගරුක වෙන්න. විදෙස් රටකට යාමේදී ඒ රටේ තිබෙන නීතිය ගැන පැහැදිලි අවබෝධයක් ලබාගෙන යන්න.
ඔයාට විදේශ රටකදී සිදුවන කරදරයකදී කොන්සල් ජනරාල් කාර්යාලයේ සහය ලබාගන්න පුළුවන්. ඒ ගැන වැඩි විස්තර දැනගන්න: https://www.smartraveller.gov.au/consular-services/consular-services-charter