වසර මිලියන 180 කට පමණ කලින්, Gondwana නම් සුපිරි මහාද්වීපය බෙදී ගියා. ඒ කැඩී යාමෙන් වෙන් වූ භූමි කොටසකින් තමයි දැන් අපි ඕස්ට්‍රේලියාව සහ ඇන්ටාක්ටිකාව ලෙස හඳුන්වන මහද්වීප 2 නිර්මාණය වුණේ. අවුරුදු මිලියන 30 කට කලින් ඕස්ට්‍රේලියාව සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තනිවම උතුරට ගමන් කළා.
එතැන් සිට, භූමිය ගොඩනැගීම සහ දේශගුණයේ වෙනස්වීම් වගේම ලෝකයේ සෙසු ප්‍රදේශවලින් භෞතිකව වෙන්වීම නිසා අද ඕස්ට්‍රේලියාවේ අපි දකින අද්විතීය ශාක හා සත්ත්ව විශේෂ ඇති වුණා.
අපේ ශාක, ක්ෂීරපායින්, උරගයින් සහ ගෙම්බන් විශේෂ වලින් 80% කට වඩා ඕස්ට්‍රේලියාවට අනන්‍ය වන අතර ලෝකයේ වෙනත් තැනක දකින්නට ලැබෙන්නේ නැහැ.
Kangaroos, Dingos, Wallabies, Wombats, Koala, Platypus සහ Echidna වගේ සමහර ඕස්ට්‍රේලියානු සතුන් ලෝකයේ බොහෝ දෙනා අතර ප්‍රසිද්ධයි. නමුත්, ඕස්ට්‍රේලියාවේ ඒකදේශික සතුන් ගැන අපි නොදන්නා ගොඩක් දේවල් තියෙනවා.
ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන කෙනෙක් විදිහට ඔයත් කැමතිනම් මේ සුවිශේෂී සත්ත්ව විශේෂ ගැන දැනගන්න දිගටම සන්නස එක්ක එකතු වෙලා ඉන්න. අපි ළඟදීම වැඩි විස්තර අරගෙන එන්නම්.