Dual Citizenship Application එක වැරදි නැතුව Fill කරන්නේ කොහොමද?

  • Home
  • /
  • Blog
  • /
  • Dual Citizenship Application එක වැරදි නැතුව Fill කරන්නේ කොහොමද?

කලින් Articles 2කින් අපි කතා කළා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කරන්න සපුරාලිය යුතු සුදුසුකම් සහ ඒ සඳහා අයදුම් කරන ආකාරය ගැන. මේ Application එක www.slcgmel.org වෙබ් අඩවියෙන් download කරගන්න පුළුවන්. අද අපි කියන්නේ ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කරන්න Application එක හරියට fill කරගන්න විදිහ.

අයදුම්පත පුරවන ආකාරය

  • අයදුම්පත BLOCK LETTERS වලින් (ඉංග්‍රීසි Capital අකුරෙන්) සම්පූර්ණ කළ යුතුයි.
  • “Resumption” හෝ “Retention” ලෙස නිවැරදි category එක සලකුණු කරන්න.
  • Question 1A – 1G සඳහා සුදුසුකම් ලත් කාණ්ඩය තෝරා ගන්නේ කොහොමද කියන එක ඔයාට www.slcgmel.org වෙබ් අඩවිය හරහා ලබාගන්න පුළුවන්.
  • * දිස්වන ඕනෑම තැනක, අදාළ නොවන වචනය/වචන කපා දමන්න.
  • විශේෂිත field එකක් අදාළ නොවේ නම්, NOT APPLICABLE හෝ NOT RELEVANT යනුවෙන් සඳහන් කරන්න.
  • මුල් පිටපත් දැනටමත් සත්‍යාපනය කර ඇති copies වල countersign කිරීමෙන් වළකින්න.

 

level 2, Collins Square, 747 Collins Street, Docklands හි පිහිටි Australian Australian Passport Office (APO) -Authentication Section එක හරහා document authentication/certification කිරීම පිළිබඳ තොරතුරු සඳහා පහත link එකෙන් යන්න.

https://www.dfat.gov.au/about-us/our-services/apostilles-authentications-certificates-of-no-impediment-to-marriage/Pages/apostilles-authentications-and-certificates-of-no-impediment-to-marriage 

supporting documents වල නම් වෙනස් කිරීම්, Name Change Certificate (අදාළ government authority එකක් විසින් සත්‍යාපනය කරන ලද) එකක් මඟින් හෝ දිවුරුම් ප්‍රකාශයක් මගින් සත්‍යාපනය කළ යුතුයි.

 

Don't forget to share this post!

Recent Posts

861
May 29, 2026