ඕස්ට්‍රේලියාව කියන්නේ ලෝකය පුරා ඉන්න තරුණ තරුණියන් තමන්ගේ වෘත්තීය සිහින සැබෑ කරගන්න තෝරාගන්නා ප්‍රධානම රටක්. මේ දිනවල ඕස්ට්‍රේලියාවේ වඩාත්ම අවධානයට ලක්වෙලා තියෙන, වේගයෙන්ම වර්ධනය වන ක්ෂේත්‍රයක් තමයි ප්‍රවාහන හා සැපයුම් එහෙමත් නැත්නම් Transport and Logistics sector එක.
මේ දැවැන්ත කර්මාන්තයට සහයෝගය දීම වෙනුවෙන්ම එරට රජය මැදිහත් වෙලා Industry Skills Australia (ISA) නමින් විශේෂ Jobs and Skills Council (JSC) එකක් පිහිටුවා තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ තිබෙන විවිධ Jobs and Skills Councils 10ක් ගැන අපි කලින් article එකකින් කිව්වා. ඉතින් අද අපි කතා කරන්නේ ඒ අතරින් Industry Skills Australia (ISA) ගැන.
ගුවන් ගමන්, නාවික, දුම්රිය, සාමාන්‍ය ප්‍රවාහන සේවා වගේම වර්තමානයේ අලුතින්ම නැගී එන Omnichannel Logistics and Distribution සහ Air and Space Transport and Logistics ක්ෂේත්‍රයන් පවා මීට ඇතුළත්.
මේක අත්‍යවශ්‍යම සේවාවක් වෙන්නේ ඇයි?
ඕස්ට්‍රේලියාවේ සමාජීය සහ ආර්ථික පැවැත්ම තීරණය කරන ප්‍රධානතම සාධකය වෙන්නේ කාර්යක්ෂම ප්‍රවාහන ජාලය. කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳපොළට රැගෙන යාම, සංචාරකයින් රට පුරා ප්‍රවාහනය කිරීම සහ නිෂ්පාදන භාණ්ඩ ලෝකය පුරා බෙදාහැරීම වැනි සෑම අංශයක්ම මේ මත රඳා පවතිනවා. කෙටියෙන් කිව්වොත්, ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයේ ශක්තිමත්භාවය මනින ප්‍රධාන මිම්මක් විදිහට මේ ක්ෂේත්‍රය හඳුන්වන්න පුළුවන්.
ඒ වගේම දැන් වන විට මේ ක්ෂේත්‍රය පැරණි සම්ප්‍රදායික රාමුවෙන් මිදිලා තියෙන්නේ. හරිත තාක්ෂණය (Zero-emissions technologies), නව ඉන්ධන වර්ග සහ Autonomous vehicles වැනි අතිනවීන තාක්ෂණයන් සමඟින් මෙය ඉතාමත් ආකර්ෂණීය ක්ෂේත්‍රයක් බවට පත්වෙලා තිබෙනවා.
රැකියා අවස්ථා මොනවාද? (Job Opportunities)
ප්‍රවාහන හා සැපයුම් දාම ක්ෂේත්‍රය ප්‍රධාන අංශ කිහිපයකට බෙදෙන අතර, ඒ සෑම අංශයකම ඔබ කවුරුත් දන්නා ජනප්‍රිය රැකියා (Known occupations) මෙන්ම, බොහෝ දෙනෙක් නොදන්නා නමුත් ඉහළ ඉල්ලුමක් ඇති රැකියා (Lesser-known occupations) රැසක් පවතිනවා:
Transport & Logistics
- Bus driver
- Truck driver
- Crane operators
- Freight forwarder
Aviation
- Pilot
- Cabin crew
- Drone operator
- Rescue crew officer
Rail
- Train/tram driver
- Railway track worker
- Railway signal operator
- Travel attendant
Maritime
- Ships master
- Ships officer
- Vessel traffic officer
- Autonomous vessel operator
රැකියා සුරක්ෂිතතාවය සහ වර්ධනය
නිල දත්ත වාර්තා පෙන්වා දෙන විදිහට, මෙම ක්ෂේත්‍රයේ ශ්‍රම බලකාය:
- 2029 මැයි මාසය වන විට: 4.2% කින්
- 2034 මැයි මාසය වන විට: 9.1% කින් වර්ධනය වීමට නියමිතයි.
විශේෂයෙන්ම තරුණ පරපුරට මෙයින් ලැබෙන අවස්ථා ඉහළයි. පැරණි දුෂ්කර රැකියා පිළිබඳ මතවාදයන් බිඳ දමමින්, තාක්ෂණයට ලැදි ඕනෑම කෙනෙකුට ස්ථාවර සහ ඉහළ වෘත්තීය සුරක්ෂිතතාවයක් සහිත ගමනක් යාමට මෙයින් අවස්ථාව ලැබෙනවා.
සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වෙන්න ඔබට තිබිය යුතු සුදුසුකම් මොනවාද?
ඕස්ට්‍රේලියානු Employersලා මේ වන විට නව තාක්ෂණය වැළඳගැනීමට කැමති පිරිස් සොයමින් සිටිනවා. ඔබට පහත සුදුසුකම් තිබේ නම් මේ ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් යා හැකියි:
- ඕනෑම වෙනස්වන වටපිටාවකට හැඩගැසීමේ හැකියාව (Adaptability)
- නවීන යන්ත්‍ර සූත්‍ර පිළිබඳ ඇති උනන්දුව
- ගැටලු විසඳීමේ හැකියාව (Problem-solving skills)
- අලුත් දේ ඉගෙන ගැනීමට ඇති කැමැත්ත සහ ධනාත්මක ආකල්පය
ඔබත් ජාත්‍යන්තර මට්ටමේ ස්ථාවර වෘත්තීය ජීවිතයක් ගැන හීන දකින කෙනෙක් නම්, ඕස්ට්‍රේලියාවේ T&L sector එක කියන්නේ ඔබට මඟහැරිය නොහැකිම වටිනා අවස්ථාවක්!