වික්ටෝරියාවේ මේ සුන්දරම තැන තවම දැකලා නැද්ද? Melbourne සිට පැය 4යි!

  • Home
  • /
  • Blog
  • /
  • වික්ටෝරියාවේ මේ සුන්දරම තැන තවම දැකලා නැද්ද? Melbourne සිට පැය 4යි!

ඔබ වික්ටෝරියාවේ ජීවත් වන කෙනෙක් වුණත් නැතත් ජීවිතේ එක සැරයක් හරි අනිවාර්යයෙන්ම දැකබලා ගත යුතු ස්වභාව ධර්මයේ විස්මිත නිර්මාණයක් තමයි “12 Apostles” කියන්නේ. දකුණු මහා සාගරයේ රළු රළ පහරවල් මැද, වික්ටෝරියා වෙරළ තීරයේ ඉතාම තේජාන්විත විදිහට නැගී සිටින මේ යෝධ හුණුගල් කුළුණු පෙළ සැබවින්ම දෑස් අදහාගත නොහැකි තරම් සුන්දර දසුනක්.

 

මේ අපූර්ව නිර්මාණය බිහිවුණේ කොහොමද?

මේක එක රැයකින් වුණු දෙයක් නෙවෙයි. මීට වසර මිලියන 10කටත් වඩා ඈත අතීතයක ඉඳන්, දකුණු සාගරයේ සැර කුණාටු, රළු රළ පහරවල් සහ චණ්ඩ මාරුතයන් වෙරළ තීරයේ තිබුණු මෘදු හුණුගල් පාෂාණ තට්ටු ටිකෙන් ටික සෝදාපාළුවට ලක් කළා.

මුලින්ම මේ පාෂාණ කුළුණුවල ලෙන් (caves) නිර්මාණය වුණා. පස්සේ කාලෙක ඒ ලෙන්, ආරුක්කු (arches) බවට පත්වුණා. කාලයත් එක්කම මේ ආරුක්කු කඩා වැටීමෙන් තමයි, අද අපිට දකින්න ලැබෙන 45m ක් විතර උස මේ අපූරු හුණුගල් කුළුණු වෙරළෙන් වෙන් වෙලා තනි තනියම සාගරය මැද ඉතිරි වුණේ.

 

දවස ඇතුළත වෙනස් වන චමත්කාරය

12 Apostles බලන්න යනවා නම් හොඳම වෙලාව තමයි Sunrise එක සහ Sunset එක වෙලාව.

උදෑසන තද හිරු එළිය වැටෙද්දී මේ පාෂාණ කුළුණු රන්වන් වැලි පාටින් දිලිසෙන්න පටන් ගන්නවා. හැන්දෑවට කළුවර වැටීගෙන එද්දී, මේවා මහා සාගරය මැද තේජාන්විත, අද්භූත පෙනුමක් ගෙන දෙනවා..

ඉතින් 12 Apostles බලන්න යන ඔයා උදෙන්ම ගියොත්, සෙනඟ අඩු වෙලාවක මේ සුන්දරත්වය උපරිමයෙන් විඳගන්න වගේම, රන්වන් පාටින් දිලිසෙන සුපිරි photoes ටිකක් ගන්නත් පුළුවන්.

 

මෙතනට යන්නේ කොහොමද?

මෙම සුන්දර ස්ථානය පිහිටලා තියෙන්නේ මෙල්බර්න් නගරයේ ඉඳන් බටහිර දෙසට වෙන්න 275km ක් විතර දුරින්. Great Ocean Road එක දිගේ පැය 4ක විතර සුන්දර drive එකකින් පස්සේ ඔයාට මේ අපූරු තැනට ළඟා වෙන්න පුළුවන්.

Winter එකේදී වුනත් මෙහි සුන්දරත්වයේ අඩුවක් නැහැ. ඒ නිසා වික්ටෝරියාවේ තිබෙන මේ ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණය බලන්න ඔයත් අමතක කරන්න එපා.

 

Don't forget to share this post!

Recent Posts

886
June 12, 2026