ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාටත් ලැජ්ජාව නිසා ලක්ෂ ගණන් පාඩු වෙලාද? පසුතැවෙන්න එපා! කියවන්න

ඔයා දෙයක් ගන්නකොට ගාණ අඩු කරගන්න කතා කරන්න හෝ පඩිය වැඩි කරගන්න අහන්න ඔයාටත් ලැජ්ජයි වගේද?

සමහර රටවල බඩු ගන්නකොට මිල අඩු කරගන්න එක හරිම සාමාන්‍ය දෙයක් වුණාට, ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා තියෙන්නේ කියන ගාණ දීලා බඩු ගන්න. පොඩි කාලේ වැඩිහිටියෝ මිල අඩු කරන්න කතා කරනකොට ලැජ්ජාවක් හිතුණත් වයසෙන් වැඩෙනකොට බොහෝ දෙනෙක් ඒ ලැජ්ජාව පැත්තක තියලා ඒක උත්සාහ කරලා බලනවා.

වියදම් අඩු කරගන්න එක සහ ආදායම වැඩි කරගන්න කතා කරන එක තමයි ඔයාගේ ආර්ථිකය මේ දැන්ම ගොඩදාගන්න තියෙන ලේසිම ක්‍රමය. මුලදී මේක ටිකක් ලැජ්ජා හිතෙන, අපහසු වැඩක් වගේ දැනෙයි. හැබැයි ඔයා කතා නොකර හිටියොත් පාඩුව ඔයාටම විතරයි.

 

රණ්ඩු වෙන්න ඕනේ නෑ

මිල අඩු කරගන්න කතා කරනවා කියන්නේ රණ්ඩු වෙන එක නෙවෙයි. හරිම සුහදව, “Can you do better on this price?” වගේ ලස්සනට අහලා ඔයාට වාසියක් ලබාගන්න පුළුවන්.

 

නරකම දේ “බෑ” කියන එක විතරයි

උපරිම වුණොත් එහා පැත්තේ ඉන්න කෙනා “බැහැ” කියයි. එතකොට ඉතින් තිබ්බ ගාණටම ගන්න වෙනවා. එතනදී ඔයාට නැති වෙන්නේ අහන්න ගිය තත්පර ගාණ විතරයි!

ඔයාගේ සල්ලි ඉතුරු කරගන්න negotiate කරන්න පුළුවන් අවස්ථා 5ක් ගැන අපි අද ඔයාට කියනවා.

 

  1. ණය සහ නිවාස ණය පොලී අනුපාත (Mortgage Interest Rates)

බැංකුවක් ඔයාව පාරිභෝගිකයෙක් කරගන්න සෑහෙන මහන්සි වෙනවා. ඒ නිසා අවුරුද්දකට සැරයක්වත් බැංකුවට කතා කරලා, වෙනත් බැංකුවල තියෙන අඩු පොලී අනුපාත ගැනත් සලකලා බලලා ඔයාගේ පොලිය අඩු කරගන්න බලන්න. ඒකෙන් දිගුකාලීනව ලොකු සල්ලි කන්දරාවක් ඉතුරු කරගන්න පුළුවන්.

 

  1. ලොකු ගනුදෙනු: වාහන, ඉඩම් සහ රැකියාවේ පඩිය

මේවා තමයි වැඩියෙන්ම සල්ලි එහා මෙහා කරන්න පුළුවන් තැන්. වාහනයක් හෝ ගෙයක් ගන්නකොට මිල අඩු කරන්න කතා කරන්න. ඒ වගේම රස්සාවක් කරනවා නම් තමන්ගේ දක්ෂතාවයට සරිලන පඩියක් ඉල්ලන්න. හැබැයි මේකට කලින් පොඩි research එකක් කරලා, සාධාරණ හේතු ලෑස්ති කරගෙන යන්න ඕනේ.

 

  1. රක්ෂණ (Insurance)

වාහන හෝ නිවාස රක්ෂණ සමාගම් බලන් ඉන්නේ හැම අවුරුද්දකම ඔයා කිසිම ප්‍රශ්නයක් නැතුව Renewal එක ගෙවයි කියලා. ඕකට කියන්නේ “Loyalty Tax” එක කියලා. ඒ කියන්නේ දිගටම එකම තැන ඉන්නවට ඔයා දෙන දඩයක් වගේ වැඩක්! ඒ වෙනුවට වෙනත් සමාගම්වල මිල ගණන් අරන්, ඔයාගේ දැනට ඉන්න සමාගමට කතා කරලා බලන්න ඔයාට වඩාත් ගැළපෙන විසඳුම් මොනවද කියලා.

 

  1. සාප්පු සවාරි (Retail Shopping)

ඔයා බඩු ගන්න කඩේක සේවකයෝ ඇවිත් ඔයාට උදව් කරනවා නම්, එතනදී පොඩි discount එකක් ඉල්ලන එකේ වරදක් නෑ. හැබැයි හැම තැනකදීම මේක හරියන්නේ නෑ. උදාහරණයකට Apple වගේ brand එකක මිල අඩු කරන්නේ නෑ. 

 

  1. Power & Gas බිල්පත්

ඔයා ඉන්න ප්‍රදේශය අනුව සේවා සපයන ආයතන කිහිපයක් ඉන්නවා නම්, වෙනත් ආයතනයක package එකක් පෙන්වලා ඔයාගේ වත්මන් ආයතනයෙන් සහනයක් ඉල්ලන්න පුළුවන්. උදාහරණයක් විදිහට ‘Energy Made Easy’ හෝ වික්ටෝරියාවල ‘Victorian Energy Compare’ වගේ වෙබ් අඩවිවලින් මිල ගණන් සසඳලා බලන්න පුළුවන්.

 

මෙන්න මතක තියාගන්න;

පොඩියෙන් පටන් ගන්න. කෙලින්ම ලොකු ගනුදෙනුවකට බහින්නේ නැතුව, සාමාන්‍ය සුපර්මාර්කට් එකකින් හෝ පොඩි කඩයකින් මිල අඩු කරන්න කතා කරලා හුරුවෙන්න. මේ ක්‍රමයෙන් හිතනවට වඩා ලොකු මුදලක් ඉතුරු කරගන්න අය ඉන්නවා. ඔයාට කරන්න තියෙන්නේ තැනට ගැළපෙන විදිහට ආචාරශීලීව, දනුවත්භාවයෙන් යුතුව කතා කරන එක විතරයි.

මේ කලාව ගැන තව ඉගෙනගන්න ඕනේ නම් Chris Voss ලියපු “Never Split the Difference” පොත කියවන්න.

ඉතින්, ඔයාත් අද ඉඳන්ම ගැළපෙන අවස්ථා වලදී මේක උත්සාහ කරලා බලන්න.

Don't forget to share this post!

Recent Posts