ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගන්න Application එකක් දාන්නද ඉන්නේ? එහෙනම් ඔයාට වැදගත් වෙන ගොඩක් දේවල් articles ගණනාවක් හරහා අපි ඔයාට කිව්වා. හැබැයි සමහර විශේෂ අවස්ථාවලදී ඔයාගේ citizenship application එක reject කරන්න ඕස්ට්‍රේලියාවේ ආගමන විගමන අංශයට පූර්ණ බලය තියෙනවා.
ඔයා මොන තරම් සුදුසුකම් සපුරලා තිබ්බත්, පහත සඳහන් කරුණු අතරින් එකක් හරි ඔයාට අදාළ වුණොත් පුරවැසිභාවය ලැබෙන්නේ නැහැ. ඒ මොනවාද කියලා අද අපි දැනගමු.
- අනන්‍යතාවය පිළිබඳ ගැටලු (Identity)
ඔයා කවුද කියන එක (Identity) ගැන ඔස්ට්‍රේලියානු රජයට පොඩි හෝ සැකයක් තිබ්බොත් application එක අනුමත කරන්නේම නැහැ. මෙතනදී ඔයා උපන්න දවසේ ඉඳන් මේ වෙනකම් තියෙන හැඳුනුම්පත්, උප්පැන්න සහතික සහ අනෙකුත් ලියකියවිලි හැම එකක්ම ඉතාම සියුම්ව පරික්ෂා කරලා බලනවා.
- අපරාධ වැරදි සහ නීතිමය ප්‍රශ්න (Criminal Offences)
නීතිමය පැත්තෙන් ප්‍රශ්න තියෙනවා නම් පුරවැසිභාවය ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම:
ඔස්ට්‍රේලියානු නීතියට අනුව ඔයාට එරෙහිව දැනටමත් උසාවි නඩුවක් විභාග වෙමින් පවතිනවා නම් (නැවත සලකා බැලීමේ හෝ ඇපෑලක් දමා ඇති අවස්ථාද ඇතුළුව).
මාස 12ක් හෝ ඊට වැඩි කාලයක් හිරදඬුවම් විඳලා නිදහස් වෙලා තාම අවුරුදු 2ක් ගිහින් නැත්නම් (දිගින් දිගටම වැරදි කරන කෙනෙක් නම් නිදහස් වෙලා අවුරුදු 10ක් යනකම් බැහැ).
උසාවියකින් ඔයාට යම් යම් කොන්දේසි පනවලා තියෙනවා නම් (උදාහරණයකට: ඇප මත නිදහස් වීම, parole හෝ යහපත් කල්ක්‍රියාවෙන් සිටීමේ කොන්දේසි). ඒ කොන්දේසි කැඩුවොත් ඔයාට විරුද්ධව පියවර ගන්න පුළුවන් මට්ටමක පවතිනවා නම් බැහැ.
application එක ගැන තීරණය ගන්නා වෙලාවේ ඔයා උසාවි නියෝගයකින් හිරගෙදරක හෝ මානසික රෝහලක රඳවා තබාගෙන ඉන්නවා නම්.
- ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම (Risk to National Security)
ඔයාගෙන් ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට යම්කිසි තර්ජනයක් හෝ අවදානමක් තියෙනවා කියලා බුද්ධි අංශ මඟින් තහවුරු කළොත්, කිසිම කතාවක් නැතුව application එක reject වෙනවා.
- කලින් පුරවැසිභාවය අත්හැරපු අය (Former Citizen)
ඔයා කලින් ඔස්ට්‍රේලියානු පුරවැසියෙක් වෙලා ඉඳලා, පසුගිය මාස 12 ඇතුළත ඒ පුරවැසිභාවය අහෝසි වුණා හෝ අත්හැරියා නම්, නැවත අයදුම් කරද්දී මාස 12ක් යනකම් ඒක අනුමත කරන්නේ නැහැ.
- අයදුම්පත අනුමත වන වෙලාවේ ඔයා ඉන්න රට (Location)
ගොඩක් දෙනෙක්ට වරදින තැනක් තමයි මේක. ඔයා පුරවැසිභාවය ඉල්ලලා තියෙන්නේ සාමාන්‍ය සුදුසුකම් (General Eligibility) මත, නැත්නම් ස්ථිර කායික/මානසික ආබාධිත තත්ත්වයක් මත, නැත්නම් වයස 60ට වැඩි හෝ පෙනීමේ/ඇසීමේ/කතා කිරීමේ අපහසුතාවයක් ඇති අයෙක් විදිහට නම්,
ඔයාගේ application එක Approve කරන මොහොතේ ඔයා ඔස්ට්‍රේලියාවෙන් පිටත/රටෙන් බැහැරව ඉන්නවා නම් එයාලට ඒක අනුමත කරන්න බැහැ.
හැබැයි මේකට සුවිශේෂී Exceptions දෙකක් තියෙනවා:
ඔයා විශේෂ පදිංචි වීමේ සුදුසුකම් (Special Residence Requirements) සපුරා ඇති කෙනෙක් නම්.
general residence requirement එක සපුරන්න ඔයාට උදව් වීමට spouse or interdependent partner discretion අදාළ වෙනවා නම්.
ඉතින් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගන්න ලෑස්ති වෙනවා නම්, මේ නීති රීති ටික ඔයාට බලපාන්නේ නැති විදිහට වැඩකටයුතු ලෑස්ති කරගන්න එක තමයි නුවණට හුරු!