ඕස්ට්‍රේලියාවේදී Accident එකක් වුණොත්?! මේ ටික නොකළොත් වරද කාගෙ වුණත් ඔයාට පාඩුයි

රිය අනතුරක් කියන දේ පාරේ ගමන් කරන ඕනෑම කෙනෙක්ට ඕනෑම වෙලාවක වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා රිය අනතුරකට ලක්වුවහොත් මොකද කියන එක දැනගෙන ඉන්න එක අපි හැමෝටම වැදගත් වෙනවා. ඒක අපිට වෙන අනතුරක් වුනත් වෙන කෙනෙක්ට වෙන අනතුරක් වුනත් ගොඩක් ප්‍රයෝජනවත්.

 

රිය අනතුරක් සිදු වූ විට අනුගමනය කළ යුතු පියවර 

තත්ත්වය තක්සේරු කරන්න: පළමුව කළ යුතු වෙන්නේ අනතුරට ලක්වූ සියලු දෙනාම ආරක්ෂිතදැයි තහවුරු කරගන්න එක. කාටහරි තුවාල සිදුවී ඇත්දැයි සන්සුන්ව පරීක්ෂා කරන්න. තුවාල සිදුවී ඇත්නම් වහාම ambulance එකක් සහ පොලිසිය ගෙන්වා ගැනීමට 000 (Triple Zero) අමතන්න. වාහනවලට දැඩි අලාභහානි සිදුවී ඇත්නම් හෝ මාර්ගය අවහිර වී ඇත්නම් පොලිස් සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා..

ආරක්ෂිත ස්ථානයකට වාහනය ගෙන යන්න: ඔබේ වාහනය මාර්ගය අවහිර කරමින් තිබෙනවා නම් සහ එය ධාවනය කළ හැකි තත්ත්වයක පවතිනවා නම්, වාහනය ආරක්ෂිත ස්ථානයකට එය රැගෙන යන්න. ගිනිගැනීමේ අවදානම අවම කිරීම සඳහා එන්ජිම ක්‍රියා විරහිත කර, Hazard lights දල්වන්න. ඔබට සම්පූර්ණයෙන්ම ආරක්ෂිතව කළ හැකිනම් පමණක්, තවත් අනතුරක් වළක්වා ගැනීම සඳහා මාර්ගයේ ඇති සුන්බුන් ඉවත් කරන්න.

තොරතුරු එක්රැස් කරගන්න: Insurance claim කිරීම සඳහා අනෙක් රියදුරුගේ නම, රියදුරු බලපත්‍ර අංකය, ලිපිනය, දුරකථන අංකය, වාහනයේ ලියාපදිංචි අංකය සහ ඔවුන්ගේ රක්ෂණ සමාගම පිළිබඳ තොරතුරු ලබාගන්න. අනතුර සිදුවූ වේලාව සහ ස්ථානයද සටහන් කරගන්න. ඔබේ තොරතුරු ද අනෙක් රියදුරන්ට ලබා දීමට කටයුතු කරන්න.

ඇසින් දුටු සාක්ෂිකරුවන්ගෙන් විමසන්න: යමෙකු අනතුර දුටුවේ නම්, ඔවුන්ගේ contact details ඉල්ලා සිටීම නුවණට හුරුයි. අනතුර සිදුවූ ආකාරය හෝ වරද කාගේද යන්න පිළිබඳව අනෙක් පාර්ශ්වය එකඟ නොවන අවස්ථාවකදී මෙය ඉතා ප්‍රයෝජනවත් විය හැකියි.

ඡායාරූප ලබාගන්න: සිදුවූ දේ පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලබා දීමට සහ ඔබේ insurance claim එකට සහාය වීමට photos ඉතා වැදගත් වෙනවා.. වාහනයට සිදුවී ඇති අලාභහානි විවිධ කෝණවලින් ඡායාරූපගත කරන්න. එසේම අවට දේපළවලට සිදුවූ හානි සහ මංසන්ධි, මාර්ග සංඥා වැනි ස්ථානීය සාක්ෂි ද photo ගන්න.

ඔයාගේ රක්ෂණ සමාගම අමතන්න: අනතුර පිළිබඳ තොරතුරු ඔබේ මතකයේ තිබියදීම හැකි ඉක්මනින් ඔයාගේ insurer සම්බන්ධ කරගන්න. ඔයා ලබාගත් තොරතුරු සහ photos ඔවුන්ට ලබාදෙන්න. ඔයා ලබාගෙන තිබෙන insurance type එක, අනෙක් රියදුරාට insurance එකක් තිබේද යන්න සහ වරද කාගේද යන්න මත insurance claim එක තීරණය වෙනවා..

 

ඔයාට car insurance එකක් අවශ්‍යද?

Insurance එකක් තිබීමෙන් අනතුරක් වළක්වා ගන්න බැරි වුණත්, ඔයාගේ වාහනයට හෝ වෙනත් අයෙකුගේ වාහනයකට/දේපළකට හානි සිදුවුවහොත් ඉන් ඇතිවන මූල්‍යමය පාඩුව පියවා ගැනීමට එය බෙහෙවින් උපකාරී වෙනවා..

 

ප්‍රධාන රථවාහන රක්ෂණ වර්ග

Third Party Property Damage Car Insurance: මේ මගින් වෙනත් අයෙකුගේ වාහනයකට හෝ දේපළකට සිදුවන හානි සඳහා වැයවන පිරිවැය ආවරණය කරනවා.. ඔයාගේ වාහනයට සිදුවන හානි ආවරණය කෙරෙන්නේ නැහැ..

Comprehensive Car Insurance: ඔයාගේ වාහනයට සිදුවන හානි වගේම, අනෙක් පුද්ගලයින්ගේ වාහන හෝ දේපළවලට සිදුවන හානිද ආවරණය කරනවා.. ඔයා කෙතරම් පළපුරුදු රියදුරෙකු වුණත් අනතුරක් ඕනෑම මොහොතක සිදුවිය හැකියි. 

ඒ නිසා නිවැරදි insurance එකක් ලබාගෙන තිබීම වැදගත්. 

Don't forget to share this post!

Recent Posts