ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළේ මිල ගණන් අඩු වීම දැන් රට පුරාම ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.. ඉහළ යන පොලී අනුපාතික සහ දේපළ බදු ප්‍රතිපත්තිවල සිදුවූ වෙනස්කම් හේතුවෙන්, පසුගිය මාසයේදී ජාතික නිවාස මිල ගණන් 2022 දෙසැම්බර් මාසයෙන් පසු වාර්තා වූ විශාලතම මාසික පහළ යෑම වාර්තා කළා. ප්‍රධාන පෙළේ දේපළ විශ්ලේෂණ සමාගමක් වන Cotality පෙන්වා දෙන පරිදි, පසුගිය මාසයේදී ජාතික නිවාස මිල 0.7% කින් පහළ ගොස් තිබෙනවා. මෙරට වාර්ෂික නිවාස මිල වර්ධන වේගයද 5.3% ක් දක්වා මන්දගාමී වී තිබෙනවා.
ප්‍රධාන නගරවල තත්ත්වය කොහොමද?
රටේ විශාලතම දේපළ වෙළඳපොළවල් වන Sydney සහ Melbourne නගරවල මිල ගණන් පිළිවෙළින් 1.4% කින් සහ 1.2% කින් පහළ ගොස් තිබෙනවා. මේ වන විට එම නගර දෙකෙහිම නිවාස මිල ඒවායේ මෑතකදී පැවති වැඩිම අගයන්ට වඩා 5%කට වඩා පහළ වැටී තිබෙනවා.
මෑත කාලයේදී ඉහළ ඉල්ලුමක් ලැබුණු Brisbane සහ Adelaide නගරවලද මිල ගණන් පිළිවෙළින් 0.6% කින් සහ 0.2% කින් පහළ ගොස් තිබෙනවා.
එසේම, වසරක කාලයක් තුළ ප්‍රබලම වර්ධනයක් එනම් 21.8% ක් පෙන්වූ Perth නගරයේ නිවාස මිල මේ වන විට ස්ථාවර මට්ටමක පවතින අතර, වාර්තා වී ඇත්තේ 0.1% ක සුළු වර්ධනයක් පමණයි.
First home-buyersලට වන බලපෑම මොකක්ද?
මිල ගණන් පහළ යෑමක් වාර්තා වුණත්, එහි වැඩි වාසියක් හිමිවී ඇත්තේ ඉහළ පෙළේ දේපළ වෙළඳපොළටයි. මේ හේතුවෙන් පළමු වරට නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට මෙයින් විශාල සහනයක් ලැබෙන්නේ නැහැ. වසරේ මේ දක්වා සිදුවූ interest rate hike එකත් එක්ක first home-buyersලාගේ ණය ලබා ගැනීමේ හැකියාව අඩුවෙලා තිබෙනවා.
දත්ත වලට අනුව, වෙළඳපොළේ Top quarter එකට අයත් නිවාසවල වටිනාකම ගෙවීගිය මාස 3 තුළ 3.2% කින් පහළ ගොස් ඇති අතර, පහළ මිල මට්ටමේ නිවාසවල වටිනාකම 0.3% කින් ඉහළ ගොස් තිබෙනවා. මීට අමතරව, capital cities වලින් ඔබ්බට පිහිටි regional property market එකද 0.2% ක පහළ යෑමක් වාර්තා කර තිබෙනවා. 2023 ජනවාරි වලින් පසු regional property market එකක මිල පහළ ගිය පළමු අවස්ථාව මෙයයි.
මිල පහළ යෑමට හේතු මොනවාද?
ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර මිල අපේක්ෂාවන්හි පවතින පරතරය, ජීවන වියදම ඉහළ යාම සහ පාරිභෝගික විශ්වාසය බිඳ වැටීම, අලුතින් වෙළඳපොළට එන නිවාස ප්‍රමාණය අඩුවීම, කුලී නිවාසවල තත්ත්වය මේ මිල ගණන් වෙනස් වීමට විවිධාකාරයෙන් බලපා තිබෙනවා.
නිවාස මිල පහළ ගියද, Low vacancy rates හේතුවෙන් කුලී මිල අඛණ්ඩව ඉහළ යමින් තිබෙනවා. පසුගිය වසර 5 තුළ ජාතික median rents මුදල සතියකට $200 කට වඩා වැඩි වී ඇති බව වාර්තා වෙනවා. කෙසේ වෙතත්, තදබදයෙන් පිරුණු වෙළඳපොළක කුලී මිල තවත් කොපමණ දුරට ඉහළ යා හැකිද යන්න පිළිබඳව දැන් යම් යම් ප්‍රශ්න මතු වෙනවා.