ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔයාට තමන්ගේම කියලා business එකක් පටන ගන්න අවශ්‍ය වෙන හැමදේම සරලව අපි කතා කරලා තියෙනවා. දැන් අපි මේ කියන්නේ එහෙම පටන් ගත්ත business එක ආරක්ෂා කර ගන්නේ කොහොමද කියන දේ.
ව්‍යාපාරයක ආරක්ෂාව ගැන හිතනකොට නීතිය කියන දේ ගොඩක් වැදගත්. ව්‍යාපාරයට අදාළ වෙන legal obligations ගැන අපි කලින් කිව්වා.
අද අපි බලමු business එකකට වැදගත් වෙන licences සහ permits ගැන.
ඔයාගේ business එක ශක්තිමත්ව, ස්ථාවරව සහ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම්ව තබා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න.
නිවැරදි බලපත්‍ර සහ අවසරපත්‍ර ලබා ගැනීම
සමහර ව්‍යාපාරික කටයුතු සඳහා ඔබට නිල බලපත්‍ර හෝ අවසරපත්‍ර අත්‍යවශ්‍ය වෙනවා. ඔයාගේ business සහ සේවකයින් ආරක්ෂා කර ගැනීම සඳහා පහත කරුණු ගැන දැනුවත්වීම ඉතා වැදගත්;
ඔයාගේ business එකට අදාලව අවශ්‍ය වෙන licences සහ permits මොනවාද යන්න දැනගැනීම.
ඔබ සතුව දැනට ඇති licences සහ permits යාවත්කාලීන කර තිබේදැයි පරීක්ෂා කිරීම.
එක් එක් බලපත්‍රයේ සහ අවසරපත්‍රයේ සඳහන් කොන්දේසි මොනවාදැයි තේරුම් ගැනීම.
ඉතින් ඒ නිසා ඔයත් ඕස්ට්‍රේලියාවේ business එකක් කරන කෙනෙක්නම් මේ checklist එක දැන්ම පරීක්ෂා කරන්න;
- ඔයාගේ business එකට අවශ්‍ය කරන බලපත්‍ර සහ අවසරපත්‍ර මොනවාදැයි පරීක්ෂා කරන්න.
- අවශ්‍ය licences සහ permits සඳහා Apply කරන්න, එහෙමත් නැත්නම් තියෙන ඒවා නිසි පරිදි renew කරගන්න.
- ඔයාට අවශ්‍ය licences සහ permits මොනවාද කියන එක ගැන ගැටළුවක් ඇත්නම් professional කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගන්න.