ඕස්ට්‍රේලියාවේ job එකක් හොයනවද? ඉදිරියේදී ඉල්ලුම වැඩි වෙන සුපිරි ක්ෂේත්‍රයක්

අද අපි කියන්න හදන්නේ ඕස්ට්‍රේලියාවේ ඉහල ඉල්ලුමක් ඇති තවත් රැකියා ක්ෂේත්‍රයක් ගැන. ඒ තමයි Film and Video Editor.

චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන්, වීඩියෝ නිෂ්පාදන හෝ දැන්වීම් සඳහා audio, graphics, video සහ text එකතු කර අවසන් output එක සකස් කරන්නේ Film and Video Editors ලා විසින්.

Editing suites, TV and film studios, libraries, film archives, හෝ government හෝ private production company offices වල Film and Video Editor රැකියා අවස්ථා ලබාගන්න පුළුවන්.

හොඳ visual imagination තියෙන, script එකක් තේරුම් අරන් අධ්‍යක්ෂවරුන්ගේ සහ නිෂ්පාදකවරුන්ගේ අවශ්‍යතා අනුව වැඩ කරන්න පුළුවන් නිර්මාණශීලී අයට මේ රස්සාව හොඳින් ගැළපෙනවා. කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව, සන්නිවේදනය සහ සංවිධානාත්මක කුසලතා වගේම video editing software සහ equipment පිළිබඳ තාක්ෂණික දැනුමත් මෙහිදී ගොඩක් වැදගත් වෙනවා.

සාමාන්‍යයෙන් Film and Video Editor කෙනෙක්ට පැවරෙන රාජකාරි මොනවද කියන එක බොහෝ දෙනක් දන්නවා.

 

වැටුප සහ වැඩ කරන පැය ගණන

Film and Video Editors ලාගෙන් 67%ක්ම full-time වැඩ කරනවා.

yourcareer.gov.au වෙබ් අඩවිය දක්වන විදිහට පූර්ණකාලීන සේවකයන් තම ප්‍රධාන රැකියාවේදී සතියකට සාමාන්‍යයෙන් පැය 44ක් වැඩ කරනවා.

එහි දක්වන විදිහට ඔවුන් සතියක් තුළ උපයන මධ්‍යන්‍ය ආදායම $1,862.00ක් වෙනවා.

ඕස්ට්‍රේලියාව පුරා මේ වන විට සිනමා සහ වීඩියෝ සංස්කාරකවරුන් ලෙස 3,300ක් පමණ සේවය කරනවා.

www.yourcareer.gov.au වෙබ් අඩවිය දක්වන විදිහට රට තුළ Film and Video Editors ලා සඳහා ඇති ඉල්ලුම වැඩි වෙනවා.

 

Skills employers are looking for

රැකියා දැන්වීම්වලදී සමාගම් වැඩිපුරම බලාපොරොත්තු වන ප්‍රධාන කුසලතා කිහිපයක් මෙහෙම දක්වන්න පුළුවන්.

  • Video Editing
  • Editing
  • Adobe After Effects
  • Adobe Photoshop
  • Adobe Premiere
  • Music

 

Film and Video Editor කෙනෙක් වෙන්නේ කොහොමද?

  1. විධිමත් අධ්‍යාපන සුදුසුකම් අත්‍යවශ්‍යම නැතත්, චිත්‍රපට සංස්කරණය, screen and media production හෝ ඩිජිටල් තාක්ෂණය පිළිබඳ හදාරා තිබීම ලොකු උදව්වක් වෙනවා. (ඔයා මේ ක්ෂේත්‍රයෙන් අධ්‍යාපන සුදුසුකම් හදාගන්න බලාපොරොත්තු වෙනවා නම් diploma or certificate in screen and digital media, Bachelor of Film and Screen Production, Bachelor of Media ආදිය වඩාත් සුදුසුයි.)
  2. film and video editor job එකකට අයදුම් කරන්න.
  3. Media Entertainment and Arts Alliance හි සාමාජිකත්වය ලබා ගැනීමත් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

Don't forget to share this post!

Recent Posts