ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන්ගේ කියවීමේ සහ ලිවීමේ (literacy) දක්ෂතා පසුගිය වසරට වඩා පහළ ගොස් ඇති බව නවතම Naplan වාර්තා මඟින් අනාවරණය වී තිබෙනවා. මෙවරත් සිසුන් තුනෙන් එකක් පමණ නියමිත ප්‍රමිතීන්ට ළඟා වීමට අසමත් වී ඇති බවයි වාර්තා වන්නේ.
ප්රතිඵලවල විශේෂතා මොනවද?
3, 5, 7 සහ 9 යන ශ්‍රේණිවල සිසුන් මිලියන 1.2ක පමණ පිරිසක් මේ වසරේ මාර්තුවේදී මෙම පරීක්ෂණයට මුහුණ දුන්නා.
ටැස්මේනියාවේ පැවති industrial action සහ Northern Territory එකේ ඇති වූ ගංවතුර තත්ත්වය නිසා සහභාගීත්වය අඩුවීම හේතුවෙන්, ටැස්මේනියානු ප්‍රාන්ත මට්ටමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් නොකිරීමට Australian Curriculum, Assessment and Reporting Authority (Acara) එක තීරණය කර තිබෙනවා.
තුනෙන් එකක් ප්‍රමිතියට පහළින්
කියවීම, අංක ගණිතය (numeracy) සහ ලිවීම යන අංශවලින් තුනෙන් එකක් පමණ සිසුන් තවමත් අපේක්ෂිත මට්ටමට ළඟා වී නැහැ. 10 දෙනෙකුගෙන් 1 අයෙකුට වැඩි පිරිසකට additional support එක අවශ්‍ය වී තිබෙනවා.
කියවීම සහ ලිවීම පිරිහී යද්දී, ගණිතය ටිකක් ඉහළට!
5, 7 සහ 9 ශ්‍රේණිවල කියවීමේ සාමාන්‍ය ලකුණු ප්‍රමාණය පසුගිය වසරට (2025) වඩා පහළ ගොස් තිබෙනවා. 3 ශ්‍රේණියේ කියවීමේ මට්ටම පමණක් එලෙසම පවතිනවා. ලිවීමේදීත් වැඩි සිසු පිරිසකට අමතර උදව් අවශ්‍ය වී ඇති බවයි පෙනී යන්නේ.
2023 දී ගණිත පරීක්ෂණ ක්‍රමය වෙනස් කළ දා සිට, 5, 7 සහ 9 ශ්‍රේණිවල ගණිත මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා. Indigenous සිසුන් අතරත් ගණිත අංශයෙන් දියුණුවක් දැකගන්න පුළුවන්.
නමුත් 3 ශ්‍රේණියේ සිසුන්ගේ ගණිත සාමාන්‍ය ලකුණු මට්ටම 2023 සිට මේ දක්වා වාර්තා වූ පහළම අගය ගෙන තිබීම කනස්සල්ලට කරුණක් වී තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය Jason Clare පවසා ඇත්තේ මෙම ප්‍රතිඵල මඟින් අපට පවතින අභියෝග මෙන්ම ඒවා විසඳා ගන්නා ආකාරයත් පැහැදිලි වන බවයි.
ශබ්ද විද්‍යාව (Phonics) සහ පැහැදිලි ඉගැන්වීම්
දුර්වල දරුවන්ට විශේෂ උපකාර ලබා දෙන සහ ශබ්ද විද්‍යාව මුල් කරගත් explicit teaching methods භාවිතා කරන පාසල්වල ප්‍රතිඵල ක්‍රමයෙන් ඉහළ යන බව ඔහු පෙන්වා දී තිබෙනවා.
Victoria ප්‍රාන්තය සියලුම ශ්‍රේණිවලින් ඉහළම සාමාන්‍ය ලකුණු ලබාගෙන ඇති අතර, ඒ පසුපසින් ACT සහ NSW ප්‍රාන්ත පිහිටා තිබෙනවා. මෙම ප්‍රාන්තවල පැහැදිලි ඉගැන්වීම් ක්‍රම බහුලව භාවිත කෙරෙනවා..
ප්‍රධාන නගරවල සිසුන්ට සාපේක්ෂව, දුර බැහැර සහ ග්‍රාමීය ප්‍රදේශවල සිසුන්ගේ ප්‍රතිඵල තවමත් පසුගිය මට්ටම්වලම සිරවී තිබීම කණගාටුවට කරුණක් බව Acara ප්‍රධානියා පවසා තිබෙනවා.
මෙම අභියෝග ජය ගැනීම සඳහා රජය ඉදිරියේදීත් පාසල් වෙත අවශ්‍ය පහසුකම් ලබා දීමටත්, ළමුන්ගේ මූලික අධ්‍යාපන මට්ටම් නංවාලීමටත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින බවයි පවසන්නේ..