ඕස්ට්‍රේලියාවේ ඉදන් ලේසියෙන්ම ලංකාවේ Police Clearance එක ගන්න අවශ්‍ය Documents!

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට වීසා බලපත්‍ර, රැකියා හෝ වෙනත් නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා Police Clearance Certificate එකක් ලබාගැනීමට අවශ්‍ය වන අවස්ථා තිබෙනවා..

ඉතින් ඕස්ට්‍රේලියාවේ සිටම ශ්‍රී ලංකා Police Clearance Certificate එක ලබාගන්න විදිහ ගැන අපි වෙනත් article එකකින් කිව්වා.

ඉතින් අද article එකෙන් කියන්නේ ඒ සඳහා අවශ්‍ය Supporting Documents ගැනයි.

 

ඉදිරිපත් කළ යුතු ප්‍රධාන Supporting Documents

අයදුම්පත ඉදිරිපත් කිරීමේදී සෑම ලේඛනයකම Original document එක සමඟ A4 ප්‍රමාණයේ Photocopies set එකක් ලබාදිය යුතුයි.

අයදුම්පත සමඟ ඇති පරීක්ෂණ ලැයිස්තුව (Checklist) නිවැරදිව ලකුණු කර (✓) අයදුම්පතට අමුණා භාරදිය යුතුයි.

  • Valid Passport එක


  • ජාතික හැඳුනුම්පත (NIC)

වයස අවුරුදු 16 ට වැඩි, එම වයසින් පසු ශ්‍රී ලංකාවේ පදිංචිව සිටි අය සඳහා ජාතික හැඳුනුම්පතේ පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්යයි. හැඳුනුම්පත් පිටපත ඉදිරිපත් නොකළහොත්, පොලිස් සහතිකය නිකුත් කරනු ලබන්නේ අයදුම්කරුගේ වයස අවුරුදු 16 දක්වා කාලයට පමණයි.

  • Affidavit – Name Discrepancy (NIC and Passport)

ඔබගේ ජාතික හැඳුනුම්පතේ (NIC) සඳහන් නම සහ Passport එකේ සඳහන් නම අතර යම් වෙනසක් පවතී නම්, සහ ඔබට පොලිස් සහතිකය Passport එකේ නමට නිකුත් කරගැනීමට අවශ්‍ය නම්;

එම නම් දෙකම අයත් වන්නේ එක් අයෙකුටම බව තහවුරු කරන දිවුරුම් ප්‍රකාශයක් (Affidavit) ඉදිරිපත් කළ යුතුයි.

නිවැරදි දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් නොකළහොත්, සහතිකය නිකුත් කරනු ලබන්නේ ජාතික හැඳුනුම්පතේ (NIC) ඇති තොරතුරු පදනම් කරගෙන පමණයි.

මුල් පිටපත් වෙනුවට ඒවායේ පරිවර්තන (Translations) භාරගන්නේ නැහැ.. සියලුම ඡායා පිටපත් A4 ප්‍රමාණයෙන්ම තිබිය යුතු අතර, අයදුම්පත යැවීමට පෙර සියලුම ලේඛන නිවැරදිදැයි දෙපාරක් පරීක්ෂා කර බලන්න.

 

Don't forget to share this post!

Recent Posts