Sydney නගරයට රිච්ටර් මාපක 3.4 ක භූමිකම්පාවක්!

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ Southwest ප්‍රදේශයේ සිකුරාදා පස්වරුවේ හදිසියේ සිදුවූ රිච්ටර් මාපක 3.4 ක භූමිකම්පාවක් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි බියට පත්ව තිබෙනවා.

Geoscience Australia වෙබ් අඩවියට අනුව, පස්වරු 1.00 ට පමණ (AEST) Appin සහ Douglas Park ප්‍රදේශ ආශ්‍රිතව පොළොව යට කිලෝමීටර 3 ක් ගැඹුරින් මෙම භූමිකම්පාවේ කේන්ද්‍රය පිහිටා තිබුණා.

භූමිකම්පාවෙන් සිදු වූ කම්පනය හේතුවෙන් 400 කට ආසන්න පිරිසක් තමන්ට එය දැනුණු බවට රජයේ වෙබ් අඩවිය වෙත වාර්තා කර තිබෙනවා..

 

නිවැසියන් විස්තර කළ බිහිසුණු අත්දැකීම

කම්පනයත් සමඟ බොහෝ දෙනෙක් සිතා ඇත්තේ තම නිවසට යම් වාහනයක් හෝ විශාල දෙයක් කඩා වැටුණු බවයි.

තත්පර 10 කට ආසන්න කාලයක් මුළු ගොඩනැගිල්ලම හෙල්ලුණු බව ප්‍රදේශවාසීන් පවසනවා.

තවත් පිරිසක් සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ විශාල සුළඟක් ආවාක් මෙන් මුළු නිවසම ගැස්සී ගිය බවයි.

 

හානියක් සිදු වෙලාද?

වාසනාවකට මෙන් මෙම භූමිකම්පාවෙන් දේපළවලට හෝ ජීවිතවලට බරපතල හානියක් සිදුවී නොමැති බව වාර්තා වෙනවා. කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් භූමිකම්පා බහුලව සිදු නොවන සිඩ්නි නගරයේ මෙවැනි කම්පනයක් ඇතිවීම ජනතාව අතර විශාල කතාබහක් නිර්මාණය කර තිබෙනවා..

ඕස්ට්‍රේලියාවේ මෙවැනි Minor earthquakes කලාතුරකින් සිදුවිය හැකියි.. යම් හෙයකින් කම්පනයක් දැනුණහොත් වීදුරු ජනේල සහ බිඳෙනසුලු බඩුබාහිරාදියෙන් ඈත්ව ආරක්ෂිත පියවර ගන්න.

 

Image from: earthquakes.ga.gov.au

Don't forget to share this post!

Recent Posts