කලින් article එකකින් අපි කතා කළා ඔයා කුලියට ජීවත් වෙන ගෙදර අයිතිකරුට (Landlord)නිවසට ඇතුල් වෙලා කළ හැකි දේවල් ගැන. අද අපි බලමු කළ නොහැකි දේවල් මොනවද කියන එක.
නිවසේ සාමාන්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට ඔවුන්ට අයිතියක් ඇතත්, ඔබේ පෞද්ගලික බඩුබහිරාදිය පරීක්ෂා කිරීමට ඔවුන්ට නොහැකියි.
ඔබේ identifiable personal possessions වල ඡායාරූප ගැනීමට සාමාන්‍යයෙන් ඔබේ ලිඛිත අවසරය අවශ්‍ය වෙනවා.
නිසි දැනුම්දීමකින් තොරව නිවසට ඇතුළු වීම නීති විරෝධී වන අතර, ඒ සඳහා ඇති එකම exception එක වන්නේ හදිසි අනතුරක් පමණයි.
නිවාස හිමියන්ට නීතියෙන් තහනම් කර ඇති දේ
බොහෝ කුලී නිවැසියන් නොදන්නා කරුණක් තමයි, නිවසට ඇතුළු වූ පසු නිවාස හිමියාට කළ නොහැකි දේවල් ගැන දැඩි නීතිමය සීමාවන් පවතින බව. ඒ අතර;
- නිසි ලිඛිත දැනුම්දීමක් ලබා නොදී නිවසට ඇතුළු වීම (හදිසි අවස්ථා හැර).
- ඔබේ ප්‍රාන්තයේ නීතියෙන් අවසර දී ඇති අවස්ථා ගන්නට වඩා නිතර පරීක්ෂා කිරීම.
- ඔබේ පෞද්ගලික බඩුබහිරාදිය, ලාච්චු, ඇඳුම් අල්මාරි හෝ bathroom cabinets ආදිය පරීක්ෂා කිරීම.
- ඔබේ ලිඛිත අවසරයකින් තොරව ඔබේ පෞද්ගලික භාණ්ඩ පෙනෙන පරිදි ඡායාරූප ගැනීම හෝ ප්‍රසිද්ධ කිරීම.
- නිවසේ අලුත්වැඩියාවකට නොපැමිණෙන අනවසර තුන්වන පාර්ශ්වයන් (කොන්ත්‍රාත්කරුවන් හැර වෙනත් අය) කැඳවාගෙන ඒම.
- පරීක්ෂාව අයුතු ලෙස භාවිතා කරමින් ඔබට හිරිහැර කිරීම හෝ නිවසින් ඉවත් වීමට බලපෑම් කිරීම.
ඡායාරූප ගැනීම පිළිබඳ විශේෂ සටහනක්
නිවසේ තත්ත්වය වාර්තා කර ගැනීම සඳහා නිවසේ හිමියාට නිවසේ ඡායාරූප ගන්න පුළුවන්.. නමුත් ඔබේ පෞද්ගලික දේපළ පෙනෙන ආකාරයට අන්තර්ජාලයේ දැන්වීම් පළ කිරීම සඳහා ඔබේ නිවස ඇතුළේ ඡායාරූප ගැනීම සඳහා ඔබේ ලිඛිත අවසරය අවශ්‍ය වෙනවා.
පරීක්ෂාවකදී යම් අසාමාන්‍ය දෙයක් සිදුවන බව ඔබට හැඟේ නම්, ඔබට ඒ වෙනුවෙන් කතා කිරීමට අයිතියක් තියෙනවා.. නුසුදුසුයි කියලා හැඟෙන දේවල ඡායාරූප ගැනීමෙන් වළකින ලෙස ඔබට ඔවුන්ගෙන් ඉල්ලා සිටිය හැකියි. මෙම තත්ත්වය අඛණ්ඩව සිදුවුණොත්, එය හිරිහැර කිරීමක් (harassment) ලෙස සලකා ඔබේ ප්‍රාන්තයේ tenancy authority එකට පැමිණිලි කරන්න පුළුවන්.
මෙම කුලී නිවාස නීති සහ පරීක්ෂණ ක්‍රමවේද ගැන ඔයා මොකද හිතන්නේ?