ඕස්ට්‍රේලියාවේ VET Courses වලින් ඇත්තටම Jobs ලැබෙනවද?

ඕස්ට්‍රේලියාවේ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව (VET – Vocational Education and Training) මඟින් ලැබෙන ප්‍රතිඵල සහ ප්‍රගතිය නිවැරදිව මැන බැලීම සඳහා National Baseline Report එකක් එළිදක්වා තිබෙනවා.

National Skills Agreement (NSA) Outcomes Framework Balanced Scorecard Baseline Report ලෙස හැඳින්වෙන මෙම වාර්තාව මඟින් මුළු VET පද්ධතියේම ක්‍රියාකාරීත්වය එකම තැනකින් ඇගයීමට ලක්කිරීමට හැකියාව ලැබී තිබෙනවා..

මෙමඟින් රජයට, කර්මාන්ත ක්ෂේත්‍රයට මෙන්ම පොදු ජනතාවටද ඕස්ට්‍රේලියානු VET පද්ධතියේ වර්තමාන තත්ත්වය පිළිබඳ පැහැදිලි, දත්ත මත පදනම් වූ විග්‍රහයක් ලබා දෙනවා..

 

විශේෂ අවධානය යොමුවූ ක්ෂේත්‍ර සහ ප්‍රධාන සොයාගැනීම්

මෙම වාර්තාව මඟින් විශේෂයෙන්ම First Nations Australians, කාන්තාවන් සහ ආබාධිත පුද්ගලයන් වැනි Priority cohorts සඳහා VET පද්ධතියෙන් ලැබෙන ප්‍රතිඵල කෙරෙහි වැඩි අවධානයක් යොමුකර තිබෙනවා..

කාලීන රැකියා අවශ්‍යතාවලට ගැළපීම පසුගිය වසරවල සේවක හිඟයක් පැවැති සහ ජාතික වශයෙන් ප්‍රමුඛතාව හිමිවූ ක්ෂේත්‍ර සඳහා සිසුන් ඇතුළත් වීම සහ පාඨමාලා සාර්ථකව නිමකිරීම, සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා..

ඉහළ රැකියා සහ ආදායම් මාර්ග: පුහුණුවෙන් පසු ලැබෙන රැකියා අවස්ථා, ඉහළ ආදායම් මට්ටම් සහ උසස් අධ්‍යාපනයට පිවිසීමට ඇති මාර්ග, VET පද්ධතියේ ප්‍රධාන ශක්තීන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ශ්‍රම බලකායේ පැවැත්ම: මෙමඟින් ඕස්ට්‍රේලියානු රැකියා වෙළඳපොළේ සේවක සැපයුම සහ ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරනවා.

ඉදිරි අනාගතයට අඩිතාලමක්: මෙය නිකුත් වූ පළමු වාර්තාව වන අතර, ඉදිරියේදී සිදුකෙරෙන VET පද්ධතියේ ප්‍රතිසංස්කරණ සමඟ ඕස්ට්‍රේලියාවේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන කාලීන වෙනස්කම් සහ වර්ධනයන් නිරීක්ෂණය කිරීමට මෙම Balanced Scorecard එක ප්‍රබල අඩිතාලමක් වේවි.

 

ඕස්ට්‍රේලියාවේ VET පාඨමාලා හදාරන හෝ හදාරන්නට බලාපොරොත්තු වන සිසුන්ට සහ රැකියා අපේක්ෂකයන්ට තම ක්ෂේත්‍රයේ අනාගත රැකියා ඉල්ලුම සහ ආදායම් මට්ටම් පිළිබඳ නිවැරදි තක්සේරුවක් ලබාගැනීමට මෙම වාර්තාව ඉතා වැදගත්.

සම්පූර්ණ Report එක 👇

https://www.jobsandskills.gov.au/publications/national-skills-agreement-outcomes-framework-balanced-scorecard-baseline-report 

 

Don't forget to share this post!

Recent Posts