ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය සහ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස, Graduate Diploma of Management – Learning (GDML) පාඨමාලාව සඳහා නව ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කරගැනීම තහනම් කිරීමට රජය කටයුතු කර තිබෙනවා.
අලුතින් ලබාදුන් පාඨමාලා අවලංගු කිරීමේ බලතල (Course cancellation powers) භාවිත කරමින් රජය ගත් පළමු තීරණය මෙය වන අතර, නොමනා ලෙස රට තුළ රැඳී සිටින සිසුන් (Non-genuine students) විසින් Onshore visa transfers සඳහා මෙම පාඨමාලාව වැඩි වශයෙන් භාවිත කරන බවටත්, මෙහි Visa refusals සහ පාඨමාලාව අතහැර යාමේ ප්‍රතිශතයන් ඉතා ඉහළ බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.
නව නීතිය ක්‍රියාත්මක වන ආකාරය සහ බලපෑම
මෙම පාඨමාලාව (BSB80120) උගන්වන සියලුම ආයතනවල CRICOS ලියාපදිංචිය ස්වයංක්‍රීයව අත්හිටුවීම හෝ අවලංගු කිරීම සිදුවෙනවා.
දැනටමත් මෙම පාඨමාලාව හදාරමින් සිටින සිසුන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කිරීමට අවස්ථාව හිමිවෙනවා.
නමුත් VET ආයතනවලට හෝ Education agents ලාට මින් ඉදිරියට නව ජාත්‍යන්තර සිසුන් මෙම GDML පාඨමාලාව සඳහා බඳවා ගැනීමට හෝ Offer letters ලබාදීමට හැකියාවක් නැහැ.
VET ආයතන 452 ක් මෙම පාඨමාලාව ලබාදීමට ලියාපදිංචි වී ඇති අතර, සක්‍රීය CoE (Confirmations of Enrolment) 41,033 ක් පවතිනවා. මෙයින් 15,772 ක්ම දැනටමත් පාඨමාලාව හදාරන සිසුන් බවයි වාර්තා වෙන්නේ.
රජයේ අරමුණ
ජාත්‍යන්තර අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය Julian Hill පෙන්වා දෙන්නේ, Student Visa අවභාවිත කරමින් නීතිවිරෝධී ලෙස රැකියාවල නිරත වීම වැළැක්වීම සහ සැබෑ අධ්‍යාපනික අරමුණක් සහිතව පැමිණෙන සිසුන්ගේ සුභසාධනය තහවුරු කිරීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බවයි.
ඔබත් ඕස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සඳහා පැමිණීමට බලාපොරොත්තු වන අයෙකු නම් හෝ Onshore Course change එකක් කිරීමට සැලසුම් කරන අයෙකු නම්, මෙවැනි නීතිමය ගැටලු ඇති පාඨමාලා තෝරාගැනීමෙන් වළකින්න. පිළිගත් සහ ඕස්ට්‍රේලියාවේ රැකියා ක්ෂේත්‍රයට සැබෑ දායකත්වයක් දෙන පාඨමාලාවක් තෝරාගැනීමට වගබලා ගන්න.