සිඩ්නි නගරයේ විශාලතම Real estate සංවර්ධන සමාගමක් වන Bathla Group කඩාවැටීමත් සමඟ, එහි සේවකයන් සිය ගණනක් තාවකාලිකව සේවයෙන් පහ කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඩොලර් බිලියන 3.4 ක දැවැන්ත ණය බරකින් මිරිකී සිටින මෙම සමාගම බේරාගැනීමට පරිපාලකයන් උත්සාහ කළත්, ලැබී ඇත්තේ ඉතා සුළු කෙටිකාලීන අරමුදලක් පමණයි. මෙයින් Western Sydney හි නිවාස සහ apartments බලාපොරොත්තුවෙන් සිටි දහස් ගණනක් පාරිභෝගිකයන්ද දැඩි අර්බුදයකට ඇද වැටී තිබෙනවා.
සේවකයන්ට සහ ව්‍යාපෘතිවලට වුණු දේ
අරමුදල් හිඟකම නිසා සමාගමේ සේවකයන් 213 දෙනෙකු තාවකාලිකව සේවයෙන් පහ කිරීමට සිදුවී තිබෙනවා.
පරිපාලකයන් විසින් ඩොලර් මිලියන 20 ක මුදලක් ඉල්ලා සිටියද, ණය හිමියන් 5 දෙනෙකුගෙන් ලැබී ඇත්තේ ඉදිරි සති 2 සඳහා සීමිත මෙහෙයුම් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ඉතා කුඩා මුදලක් පමණයි.
මෙම කෙටිකාලීන මුදල් ලැබෙන්නේ අදාළ ණය හිමියන් සම්බන්ධ ව්‍යාපෘතිවලට පමණක් වන අතර, අනෙකුත් සියලුම ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුවී තිබෙනවා.
Bathla කඩාවැටීමේ තරම කොච්චරද?
වසර 20 කට වැඩි කාලයක් Western Sydney හි දැවැන්ත ලෙස ව්‍යාපාර කටයුතු කළ Bathla සමාගම පසුගිය අගෝස්තු මාසයේදී කඩාවැටීමට ලක්වුණා.
සමාගමට ණය හිමියන් 40 කට වඩා සිටින අතර, සමස්ත ණය ප්‍රමාණය AUD $3.4 Billion ඉක්මවනවා!
සිඩ්නි පුරා පිහිටි ස්ථාන 45 ක apartments 2,500 ක වැඩකටයුතු දැනට අඩක් නිම කර අතහැර දමා තිබෙනවා.
සමාගමේ සේවකයන් 350 දෙනාට පඩි ගෙවමින්, වැඩසටහන් ඉදිරියට ගෙන යාමට ඉදිරි සති 4 සඳහා අවම වශයෙන් ඩොලර් මිලියන 20 ක අරමුදලක් අවශ්‍ය බවයි Teneo පරිපාලන ආයතනය පවසන්නේ.
ඕස්ට්‍රේලියාවේ නව නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන අය, අදාළ Builder හෝ Developer ගේ Financial stability එක සහ පසුගිය වාර්තා ගැන හොඳින් හොයාබැලීම ඉතාම වැදගත්. මොකද මෙවැනි විශාල සමාගම් පවා එකපාරටම කඩාවැටීමේ අවදානමක් පවතිනවා!