ඔබත් ඕස්ට්‍රේලියාවේ ගෙයක් හෝ apartment එකක් කුලියට අරගෙන ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් අලුතින් ගෙයක් කුලියට ගන්න බලන කෙනෙක්ද?
කුලී නිවැසියන්ගේ නොදැනුවත්කම නිසා ඇතැම් Landlords ලා සහ Real Estate Agents ලා නීතියට පටහැනිව විවිධ අමතර ගාස්තු ඉල්ලන අවස්ථා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවල නීතියට අනුව ඔබෙන් කිසිසේත්ම අය නොකළ යුතු ගාස්තු මොනවාද කියලත්, Landlord ගේ Inspections ඔබට අතහැර දැමීමට පුළුවන්ද කියලත් තමයි අද අපි කියන්නේ.
ඔයා කිසිසේත්ම ගෙවිය යුතු නැති ගාස්තු
පහත සඳහන් දේවල් සඳහා ඔබෙන් මුදල් අය කිරීමට Landlord ට හෝ Agent ට කිසිම නීතිමය අයිතියක් නැහැ.
- Tenancy Agreement එක හදන ගාස්තුව: කුලී ගිවිසුම පිළියෙල කිරීමට හෝ පිරවීමට (Preparing/Filling in) මුදල් අය කිරීම.
- නීතිමය සීමාවට වඩා වැඩි Rent in advance හෝ Bond මුදල්: ප්‍රාන්ත නීතියෙන් නියම කර ඇති Legal cap එකට වඩා වැඩි අත්පිට මුදල් ඉල්ලීම.
- මුල්ම Keys set එක: පළමු යතුරු කට්ටලයට හෝ Access device එකට මුදල් අය කිරීම.
- Pet Bond එකක් අය කිරීම: (Western Australia හැර) වෙනත් කිසිදු ප්‍රාන්තයක සතුන් වෙනුවෙන් වෙනම “Pet bond” එකක් අය කරන්න බැහැ.
- Background or Reference Checks: ඔබේ පසුබිම් වාර්තා පරීක්ෂා කිරීමට මුදල් අය කිරීම.
ගිවිසුමට අත්සන් කරන්න කලින් කවුරුහරි ඔබෙන් මේවාට මුදල් ඉල්ලනවා නම්, ඒක ලොකු Red flag එකක්! ඒ ගැන ප්‍රශ්න කරන්න බය වෙන්න එපා.
Landlord ගේ Inspection එකක් Refuse කරන්න පුළුවන්ද?
ඔව්. හැබැයි ඒකට විශේෂිත හේතුවක් තියෙන්නම ඕන!
Landlord ලබාදුන් Notice එක නීත්‍යානුකූල නැත්නම්, උදාහරණයක් විදිහට නීතියෙන් නියමිත දින ගණනට වඩා අඩු කාලයකින් Notice දීම, වැරදි ආකාරයට දැනුම්දීම හෝ නියමිත වාර ගණනට වඩා වැඩි වාර ගණනක් පැමිණීම වගේ, ඔබට එම Inspection එක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්..
ඒ වගේ වෙලාවට ඔයා කරන්න ඕන දේ:
ලිඛිතව පිළිතුරු දෙන්න: නීත්‍යානුකූලව අදාළ Notice කාලය ලැබී නැති බව ඉතා කාරුණිකව ලිඛිතව (Email/Message) දැනුම් දෙන්න. (උදා: “NSW නීතියට අනුව දින 7 ක පූර්ව ලිඛිත දැනුම්දීමක් අවශ්‍යයි”).
වෙනත් දිනයක් ලබාදෙන්න: නිසි කාලය ලැබෙන පරිදි ඔබට පහසු වෙනත් දිනයක් යෝජනා කරන්න.
Proof තබාගන්න: ඔබ යවන සහ ලැබෙන සියලුම Messages වල Copies ළඟ තබාගන්න.
විශේෂයෙන්ම මතක තබාගන්න, නිවැරදි ලෙස Notice එක ලබාදී තිබියදීත්, දිනය ඔබට අපහසු නම් දිනය වෙනස් කරන ලෙස ඉල්ලා සිටින්න පුළුවන්. නමුත් දිගින් දිගටම සාධාරණ හේතුවක් නැතුව valid inspections ප්‍රතික්ෂේප කරන්න බැහැ.
එහෙම කළොත් Landlord ට ඔබට එරෙහිව Tribunal එකට යාමට අයිතියක් තියෙනවා. හැබැයි ගෑස් කාන්දු වීමක්, ගිනි අනතුරක් හෝ ජල බටයක් පිපිරීමක් වැනි හදිසි අවස්ථාවකදී (Emergency) කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව නිවසට ඇතුළු වීමට Landlord ට සම්පූර්ණ නීතිමය අයිතිය තියෙනවා.