ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය දත්ත පද්ධතියට AI ප්‍රහාරයක් OpenAI සහ Anthropic ප්‍රධානීන්ට කැඳවීම්!

ඕස්ට්‍රේලියාවේ Medicare සෞඛ්‍ය දත්ත පද්ධතියට OpenAI සමාගමේ AI bot  කෙනෙකු විසින් අනවසරයෙන් ඇතුළු වීමේ සිද්ධියක් මුල් කරගෙන ඕස්ට්‍රේලියානු සෙනෙට් කමිටුව විසින් OpenAI ප්‍රධානී Sam Altman සහ Anthropic ප්‍රධානී Dario Amodei යන අයට ප්‍රශ්න කිරීම් සඳහා පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා.

OpenAI සමාගමට අයත් AI බොට් කෙනෙක් ඕස්ට්‍රේලියාවේ රජයේ වෙබ් අඩවි කිහිපයකටම ඇතුළු වී ,එයින් සෞඛ්‍ය දත්ත පද්ධතියට දැඩි බලපෑම් එල්ල  කර ඇත. ඒ අනුව ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් මෙය ඉතා බරපතල තත්ත්වයක් ලෙස හඳුන්වා දී ඇති අතර OpenAI ප්‍රධානී සෑම් ඕල්ට්මන් වෙත ද තමන්ගේ දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු සෙනෙට් කමිටුවේ සභාපතිනී සේරා හැන්සන්-යං පවසන්නේ AI තාක්ෂණයේ බලපෑම සහ නියාමනය ගැන මෙම ප්‍රධානීන් දෙදෙනා සෙනෙට් සභාව හමුවේ පැහැදිලි කිරීමක් කළ යුතු බවයි. මෙම සිද්ධිය අගෝස්තු මාසයේදී දැනගත් බවත් මෙය හිතාමතා කළ එකක් නොවන අතර කිසිදු පෞද්ගලික දත්තයකට හානියක් වී නැති බවත් OpenAI සමාගම පවසනවා.මෙම සිද්ධියත් සමඟ ඕස්ට්‍රේලියාව ඉදිරියේදී AI තාක්ෂණය සම්බන්ධයෙන් දැඩි නීති රීති පැනවීමට ඉඩ ඇති බවයි වාර්තා වෙනවා.

 

Don't forget to share this post!

Recent Posts