වදවීමට ගි‍ය Bogong සලබයෝ නැවතත් NSW වලට!

පසුගියදා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රදේශයෙන් Bogong සලබයන් විශාල වශයෙන් පැමිණීමේ පුවතක් වාර්තා වෙනවා. පරිසරවේදීන් පවසන්නේ වෙනත් වසරවලට වඩා මේ වසර තුළ ඔවුන්ගේ පැමිණීම විශාල වශයෙන් වර්ධනය වී තිබෙන බවය.

2017 ත් 2019 ත් අතර කාලයේදී මේ සලබයන්ගේ ගහනය 99.5% කින්ම විනාශ වෙලා ගියා. හැබැයි මේ අවුරුද්දේ, පහුගිය මුළු අවුරුද්දටම වඩා වැඩි සලබයන් ගානක් සැප්තැම්බර් මාසයේදී විතරක් වාර්තා වෙලා තියෙනවා. මේක සතුන්ගේ ගහනය යථා තත්ත්වයට පත්වීමේ හොඳ සලකුණක්.

මේ සලබයන් මල් පරාගනය සදහා දායකත්වය සපයනවා.තවද වඳවීමේ තර්ජනයට ලක්වෙලා ඉන්න ‘Mountain pygmy possum’ කියන කුඩා සතුන්ගේ ප්‍රධාන ආහාරය වන්නේද මෙම සතුන්. මොවුන් රස්නෙන් බේරෙන්න හැම වසන්ත කාලයකදීම කිලෝමීටර් 1,000ක් විතර දුර පියාසර කරලා ඕස්ට්‍රේලියානු ඇල්ප්ස් කඳුකරයේ තියෙන සිසිල් ගුහා වලට යනවා. මෑතකදී තිබුණු සිසිල් සහ වැසි සහිත කාලගුණය මේ විදිහට සලබයන් බෝවෙන්න හොඳ පරිසරයක් හදලා දෙන්න ඇති කියලා විශේෂඥයන් පවසනවා.

 

2021 අවුරුද්දේ ඉඳන් ජාත්‍යන්තරව වඳවීමේ තර්ජනයට ලක්වූ සතෙක් විදිහට Bogong සලබයාව නම් කරලයි තියෙන්නේ. ඒ නිසා මේ විදිහට ලොකු රංචු වශයෙන් ආයෙත් දකින්න ලැබීම පරිසරයට  වටිනවා වගේම මේ සත්ත්ව විශේෂය ආරක්ෂා වීම ගැන ලොකු බලාපොරොත්තුවක් ඇති කරනවා.

Don't forget to share this post!

Recent Posts