ඕස්ට්‍රේලියාවේ busy life එක අස්සේ .. අපි ඇත්තටම තනි වෙලාද?

Mental Health Month පටන් ගැනීමත් එක්ක ඔස්ට්‍රේලියානු මානසික සෞඛ්‍ය ආයතනය (Mental Health Australia) විසින් නිකුත් කළ අලුත්ම සමීක්ෂණ report එකකින් ඉතා වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කරලා තියෙනවා. එනම්, අපගේ mental health එක හොඳින් පවත්වා ගැනීමට අනිත් අය සමඟ ඇති සබඳතා කෙතරම් වැදගත් දැයි අපි හැමෝම දන්නවා. නමුත්, අවාසනාවකට වගේ සමාජයක් විදිහට අප එන්න එන්නම එකිනෙකාගෙන් ඈත් වෙමින් ඉන්නවා.

මෙවර මානසික සෞඛ්‍ය මාසයේ තේමාව වන “Together We Thrive” (එකට සිටියොත් අපි දිනුම්) යන්නෙන්ද පෙන්වා දෙන්නේ, මෙම සමාජ සබඳතා සහ එකමුතුකමේ ඇති තීරණාත්මක වැදගත්කමයි.

සමීක්ෂණයෙන් ඉදිරිපත් කළ දේවල්

  • සමාජය තුළ මිනිසුන් කොතරම් හුදෙකලා වී ඇත්ද යන්න මෙම ජාතික මට්ටමේ සමීක්ෂණය පෙන්වා දෙනවා.
  • 64%ක් දෙනා විශ්වාස කරන්නේ අප එකිනෙකාගෙන් වඩ වඩාත් disconnected වෙමින් පවතින බවයි.
  • පවුලේ අය, මිතුරන්, අසල්වැසියන් හෝ සමාජය සමඟ ඉතා සමීප සම්බන්ධතාවයක් ඇතැයි හැඟෙන්නේ 21%කට පමණි.
  • මීට වසර 10කට පෙර තිබුණාට වඩා තමන් දැන් සමාජයෙන් හුදෙකලා වී ඇති බව 30%ක් දෙනා පවසනවා.
  • 15%කට (එනම් 7 දෙනෙකුගෙන් එක් අයෙකුට) අවශ්‍ය වෙලාවකදී උදව්වට එන්නට කිසිදු මිතුරෙකු හෝ පවුලේ සාමාජිකයෙකු නොමැත.

ඔස්ට්‍රේලියානු මානසික සෞඛ්‍ය ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනී Carolyn Nikoloski පෙන්වා දෙන්නේ, ජනතාව සබඳතාවල වැදගත්කම දැන සිටියත් Practical ජීවිතයේදී ඔවුන් තුළ විශාල connection gap එකක් නිර්මාණය වී ඇති බවයි. වර්තමානයේ තියෙන ආර්ථික අර්බුද, ජීවන වියදම ඉහළ යාම සහ දෛනික ජීවිතයේ වෙනස්වීම් හමුවේ මිනිසුන් දැඩි පීඩනයකට ලක්ව සිටිනවා. එහෙත් ආරක්ෂිත බව, කවුරුන් හෝ තමන්ව අවබෝධ කරගැනීම සහ අගය කිරීම යන මූලික මානව අවශ්‍යතාවන් කිසිදා වෙනස් වන්නේ නැහැ. යහපත් මානසික සෞඛ්‍යයක් සඳහා සමාජ සම්බන්ධතා ප්‍රබල ආරක්ෂක සාධකයක් ලෙස ක්‍රියා කරනවා.

රැකියා ස්ථානයේ පවතින නිහඬතාවය

මෙහිදී හෙළි වූ තවත් වැදගත් කරුණක් වන්නේ මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳව කතා කිරීමට ඇති පසුබට වීමයි. තමන්ගේ මානසික සෞඛ්‍ය අර්බුදයක් ගැන මිතුරෙකුට පැවසීමට 67%ක් කැමති වුවත්, තම employer ට ඒ බව පැවසීමට පහසුකමක් හෝ නිදහසක් දැනෙන්නේ 29%කට පමණි. මානසික සෞඛ්‍ය ගැන ඇති සමාජ stigma අඩු වෙමින් පැවතියද, විශේෂයෙන්ම රැකියා ස්ථානය තුළ තවමත් තම ගැටලු විවෘතව කතා කිරීමට බොහෝ දෙනා බියක් දක්වන බව මින් පෙනී යනවා.

අපිට කරන්න පුළුවන් දේවල්…

මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා අප සියලු දෙනාටම කුඩා පියවරයන්ගෙන් දායක විය හැකියි. ඒ සඳහා විශාල කැපකිරීම් අවශ්‍ය වන්නේ නැහැ:

  • කාලෙකින් කතා නොකළ මිතුරෙකුට කෙටි ඇමතුමක් ලබා දෙන්න හෝ message එකක් යවන්න.
  • ප්‍රදේශයේ සමාජ, ක්‍රීඩා හෝ Volunteer කණ්ඩායමකට සම්බන්ධ වෙන්න.
  • උදෑසන තේ එකක් හෝ කෝපි එකක් බොන අතරතුර අවට සිටින අයෙකු සමඟ සුහදව කතාබහ කරන්න.
  • මඟතොටදී හමුවන අයෙකුට සිනහවකින් සංග්‍රහ කරන්න.

ආචාර්ය එමිලි මස්ග්‍රෝව්, මයිෆ් වෝහර්ස්ට් වැනි ප්‍රසිද්ධ පුද්ගලයින්ද මෙවර මානසික සෞඛ්‍ය මාසය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමට එක්ව සිටිනවා. “Together We Thrive” යනු හුදෙක් තේමාවක් පමණක් නොවේ. එය අප සැමට එකිනෙකාගේ සහයෝගයෙන් ජීවිතය ජයගත හැකි බවට දෙන පණිවිඩයකි. යහපත් මානසික සෞඛ්‍යයක් ගොඩනැගෙන්නේ ශක්තිමත් පවුල් හා සමාජ සබඳතා මතයි.

Don't forget to share this post!

Recent Posts