ඔයාලත් තමන්ගෙම කියලා ගෙයක් ගන්න හීන දකින කෙනෙක්ද? මේ දවස්වල property market එකේ ලොකු වෙනස්කම් ටිකක් සිද්ධ වෙනවා. එක පැත්තකින් ගෙවල්වල Rent එක දවසින් දවස වැඩි වෙනවා හැබැයි අනිත් පැත්තෙන් සමහර ප්‍රධාන නගරවල house prices ටිකක් අඩු වේගෙන එනවා.
ඔයා අතේ යම්කිසි ඉතුරුම් මුදලක් (savings) තියෙන first homebuyer කෙනෙක් නම්, මේක ඔයාගේ හීනෙ හැබෑ කරගන්න කදිම අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒත් interest rates වැඩිවෙන එක ගැනත් අපි හිතන්න ඕන නේද? මේ වෙලාවේ first home එකක් ගන්න එක හොඳද නැද්ද කියලා experts ලා කියන්නේ මොනවද කියලා අපි බලමු.

Economic Outlook (Market එකේ දැන් තත්ත්වය)
Ray White ආයතනයේ chief economist Nerida Conisbee පෙන්වා දෙන විදිහට, Sydney සහ Melbourne වගේ ලොකු නගරවල property values දැන් ටිකක් දුරට අඩුවෙමින් පවතිනවා. මේ දවස්වල Investors ලා market එකෙන් අයින් වෙන ප්‍රවණතාවයක් තියෙන නිසා, $750,000 ට වඩා අඩු affordable ගෙවල්වල මිල ගණන් (price growth) ගොඩක් දුරට අඩුවෙන්න ඉඩ තියෙනවා.
ඒ වගේම දැන් Renting කියන්නේ ලොකු අභියෝගයක්. Sydney, Melbourne වල rental properties හොයාගන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුවෙලා වගේම rent එකත් ගොඩක් ඉහළ ගිහින් තියෙනවා. ඒ නිසා දිගටම rent එකට ඉන්නවට වඩා, තමන්ගේම ගෙයක් ගන්න එක ගොඩක් අයට වාසිදායක තීරණයක් වෙලා.
Opportunity Knocks (මිලදී ගන්න අයට හොඳ අවස්ථාවක්)
Melbourne වල buyers agent කෙනෙක් වෙන Mario Borg කියන විදිහට, කලබලයක් නැතුව, නිදහසේ හොඳ තීරණයක් ගන්න first homebuyers ලට මේක නියම කාලයක්. මොකද දැන් market එක කලින් තරම් fast නැහැ. “දැන් Buyers ලට හොඳ negotiating power එකක් තියෙනවා. තෝරාගන්න ගෙවල් ගොඩක් තියෙනවා වගේම, ගෙවල් විකුණන අයත් දැන් ගණන් අඩු කරන්න (negotiate කරන්න) ගොඩක් කැමතියි,” ඔහු කියනවා.
හැබැයි පොඩි අභියෝගයකුත් තියෙනවා. Interest rates කලින්ට වඩා වැඩි නිසා, ඔයාට bank එකෙන් ගන්න පුළුවන් ණය මුදල (borrowing capacity) අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ලොකු rent එකක් ගෙවන ගමන් deposit එකක් save කරන එකත් ටිකක් අමාරු වැඩක්.ඒ නිසා එයා දෙන හොඳම උපදේශය තමයි Market එකේ මිල ගණන් තව අඩු වෙනකම් (bottom of the market) බලන් ඉන්නවට වඩා, ඔයාගේ budget එකට සහ අනාගතයට ගැළපෙන ගෙයක් දැන්ම තෝරාගන්න එක.

Avoiding Trouble (ප්‍රශ්නවලින් බේරිලා හරියටම වැඩේ කරන්නේ කොහොමද?)
Mortgage broker Rachelle Kroon ගේ අදහසත් මේයයි. ඔයාගේ අතේ හොඳ deposit එකක් ලෑස්ති කරගෙන තියෙනවා නම් සහ monthly repayments කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙවන්න පුළුවන් නම්, මේක ගෙයක් ගන්න හොඳම වෙලාවක්.ගොඩක් අය interest rates අඩු වෙනකම් බලන් ඉන්නවා ගෙවල් ගන්න. ඒත් එයා කියන්නේ එහෙම wait කරන එකත් risk එකක් කියලා. මොකද rates අඩු වෙද්දී ආයෙමත් ගෙවල් මිල ඉහළ යන්න ගන්නවා, එතකොට negotiate කරන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා.
තව දෙයක් තමයි 5% deposit scheme එක පාවිච්චි කරද්දී ටිකක් පරිස්සම් වෙන්න. මොකද හදිස්සියේවත් ඔයාට monthly loan එක ගෙවාගන්න බැරි වුණොත්, ඒ ගේ rent එකට දීලා ඔයාට වෙන තැනකට යන්න ඒ scheme එකෙන් ඉඩ දෙන්නේ නැහැ.
Can I Afford To Buy? (මට මේ වියදම දරන්න පුළුවන්ද?)
Bank එකෙන් දෙන maximum ණය මුදල ගැන විතරක් හිතලා තීරණ ගන්න එපා. දැනට තියෙන interest rate එකට වඩා 1% කින් හෝ 2% කින් rates වැඩි වුණොත් ඔයාට ගෙවන්න පුළුවන්ද කියලත් අනිවාර්යයෙන්ම හිතන්න. ඒ වගේම ගෙයක් ගද්දි යන මේ අමතර වියදම් ගැනත් ඔයාගේ budget එකට ඇතුළත් කරන්න මතක තියාගන්න:.
Upfront Expenses (මුලින්ම යන වියදම්)
- Stamp duty
- Conveyancing සහ legal fees
- Building and pest inspections
- Lenders Mortgage Insurance (LMI – අදාළ නම් පමණක්)
- Moving expenses (බඩු අදින්න යන වියදම්)
- හදිසි අලුත්වැඩියාවක් ආවොත් පාවිච්චි කරන්න emergency buffer එකක්
Ongoing Expenses (දිගටම යන වියදම්):
- Council rates සහ Water rates
- Home & contents insurance
- Owners corporation fees (ඔයා ගන්නේ apartment එකක් හෝ townhouse එකක් නම්)
- Maintenance and repairs (නඩත්තු කටයුතු)
- Utilities (ලයිට් බිල්, වතුර බිල්)
ඔයාගේ budget එක හරියටම හදාගෙන ඉහත experts ලාගේ කරුණු ගැනත් සැලකිලිමත් වෙලා හොඳ තීරණයක් ගන්න.