LinkedIn වැනි platforms හරහා රැකියා සොයන jobseekers ව ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන ඉතා සූක්ෂම recruitment scams ගැන ඕස්ට්‍රේලියාවෙන් මේ දිනවල බහුලව වාර්තා වෙනවා. Cost-of-living pressures නිසා ඉක්මනින් රැකියාවක් සොයාගැනීමේ අරමුණින් සිටින පිරිස් විශේෂයෙන්ම Gen Z තරුණ පරපුර මේ සඳහා වැඩි වශයෙන් ගොදුරු වී ඇති බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ.
ACCC (Australian Competition and Consumer Commission) ආයතනයට අනුව 2026 ජූලි සහ අගෝස්තු මාස දෙක ඇතුළත පමණක් මෙවැනි LinkedIn scams 138 ක් වාර්තා වී ඇති අතර ඉන් සිදුවී ඇති මූල්‍යමය පාඩුව ඩොලර් 254,449 කට ආසන්නයි.

මේ Scammers ලා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?
Cloned Profiles සහ Fake Ads- Scammers ලා කරන්නේ ප්‍රසිද්ධ ආයතන වල (උදාහරණයක් ලෙස Aurecon වැනි) සැබෑ සේවකයින්ගේ LinkedIn profiles “clone” කරගෙන රැකියා අපේක්ෂකයින්ට direct messages හෝ emails යැවීමයි.
තමන්ගේ profile එකේ “#opentowork” banner එක දාගෙන ඉන්න අය මේ scammers ලගේ ප්‍රධානතම target එකක් බවට පත්වෙලා තියෙනවා. CV එක හදලා දෙන්නම්, එහෙමත් නැත්නම් training course එකක් කරන්න කියමින් රැකියා අපේක්ෂකයින්ගෙන් විශාල මුදලක් (upfront payments) ලබා ගැනීමට මොවුන් කටයුතු කරනවා.
CV එකක් හරහා Personal Data සොරකම් කිරීම (Identity Theft)
මෙය සල්ලි කඩාගන්නවාට වඩා භයානක තත්ත්වයක්. ඔබගේ resume එකක නම, දුරකථන අංක වලට අමතරව employment history, education, සහ locations වැනි ඉතා සංවේදී තොරතුරු අඩංගු වෙනවා. Scammers ලා මේ තොරතුරු පාවිච්චි කරලා identity theft, financial fraud සහ phishing attacks ඉතා පහසුවෙන් සිදු කරන බව Cyber Security විශේෂඥයින් පෙන්වා දෙනවා.

මෙම Scams වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද?
Email Address එක ගැන සැලකිලිමත් වෙන්න: කිසිම පිළිගත් ආයතනයක් (legitimate company) @gmail.com, @outlook.com, හෝ @hotmail.com වැනි personal email addresses හරහා candidates ලාව සම්බන්ධ කරගන්නේ නැහැ.
Followers/Connections නැති Profiles- ඔබට කතා කරන recruiter ගේ profile එකේ followers ලා හෝ connections නැත්නම්, වගේම ඔවුන් unusual locations වල ඉන්නවා කියලා පෙන්නුම් කරනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න.
මුදල් ඉල්ලනවා නම් ප්‍රතික්ෂේප කරන්න- සැබෑ ආයතන කිසිවිටෙකත් job එකක් දීමට හෝ interview එකකට පෙර ඔබෙන් මුදල් ඉල්ලන්නේ නැත.
රැකියාවක් සෙවීම අද කාලයේ “online dating” වගේ ඉතා පරිස්සමින් කළ යුතු දෙයක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා fake job advertisements වලට රැවටෙන්නේ නැතුව හරිම ආයතනයෙන්ද කතා කරන්නේ කියන එක verify කරගන්න එක අනිවාර්ය වෙනවා.