මේ දිනවල ඔස්ට්‍රේලියාවේ housing market එකේ values පහළ යමින් තමයි තියෙනවා. නමුත් ඔයා ගෙයක් ගන්න හෝ විකුණන්න හිතන් ඉන්නවා නම් “COTALITY HVI OCT 2026 report එක මගින් මේ වෙද්දී එක් එක් නගරවල සහ ප්‍රදේශවල median values (සාමාන්‍ය නිවාස වටිනාකම්) හරියටම කොහොමද කියලා දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙයි.
Capital Cities මිල ගණන්
Sydney:
තාමත් ඔස්ට්‍රේලියාවේ මිල අධිකම නිවාස තියෙන්නේ Sydney නගරයේයි. දත්තවලට අනුව Sydney වල ගෙයක median value එක $1,198,596 ක් වෙනවා. මේක ගිය මාසයට වඩා 1.4% ක අඩුවීමක් වුණත්, මිල නම් තාමත් ගොඩක් වැඩියි.
Brisbane:
Sydney වලට පස්සේ දෙවනියට මිල වැඩිම නගරය වෙලා තියෙන්නේ Brisbane. එහේ median value එක $1,048,880 ක් විදිහට තමයි සටහන් වෙන්නේ. හැබැයි පසුගිය මාසයේ capital cities අතරින් වේගවත්ම මිල අඩුවීම (1.5%) වාර්තා වුණෙත් Brisbane වලින්.
Perth සහ Adelaide:
මේ නගර දෙකෙත් මිල ගණන් $1 Million සීමාවට කිට්ටු කරලයි තියෙන්නේ. Perth නගරයේ නිවාස වටිනාකම $975,022 ක් විදිහට වාර්තා වෙනවා. ඒ වගේම Adelaide වල වටිනාකම $928,560 ක් වෙනවා.
Canberra:
Canberra නගරයේ වටිනාකම මේ වෙද්දී $861,744 ක් විදිහට report එකේ දක්වලා තියෙනවා.

Melbourne:
Melbourne වල values මේ වෙනකොට තරමක් අඩුවෙලා තියෙනවා. මේ වෙද්දී එහේ median value එක සටහන් වෙන්නේ $780,550 ක් විදිහටයි.
Hobart:
Hobart නගරයේ ගෙයක සාමාන්‍ය වටිනාකම $741,496 ක් විදිහට දත්ත පෙන්වා දෙනවා.
Darwin:
ඔස්ට්‍රේලියාවේ capitals අතරින් අඩුම මිලකට ගෙයක් ගන්න පුළුවන් වෙන්නේ Darwin නගරයෙන්. එහේ median value එක $633,431 ක් වෙනවා. විශේෂත්වය තමයි අනිත් හැම නගරයකම මිල අඩු වෙද්දී, Darwin වල විතරක් මේ මාසය ඇතුළත 0.4% ක සුළු වැඩිවීමක් (0.4% growth) පෙන්නුම් කරනවා.
Capital Cities සහ Regional Areas (ප්‍රාදේශීය කලාප) අතර වෙනස
ගෙවල්වල මිල ගණන් අගනුවරවලට වඩා ප්‍රාදේශීය කලාපවල කොච්චර වෙනස්ද කියලා බැලුවොත් ලොකු පරතරයක් දකින්න පුළුවන්.

Combined capitals (සමස්ත අගනුවර කලාපවල) සාමාන්‍ය වටිනාකම $973,525 ක් වෙනවා.
නමුත් Combined regional (ප්‍රාදේශීය කලාපවල) වටිනාකම ඊට වඩා ගොඩක් අඩුයි. ඒක $758,931 ක් විදිහටයි සටහන් වෙන්නේ.
මේ ඔක්කොම සලකා බැලුවම ඔස්ට්‍රේලියාවේ National median value එක (ජාතික සාමාන්‍ය නිවාස වටිනාකම) මේ වෙද්දී $899,236 ක් වෙනවා.
මේ දත්ත වලින් පැහැදිලි වෙනවා market values මාසෙන් මාසෙට drop වුණත්, Sydney, Brisbane වගේ ලොකු නගරවලින් property එකක් ගන්නවා නම් තාමත් ලොකු budget එකක් ඕනේ කියලා. නමුත් Regional areas වලට යන්න පුළුවන් නම් affordability එක ටිකක් හරි වැඩි කරගන්න buyers ලට අවස්ථාවක් තියෙනවා.
වැඩි විස්තර -https://discover.cotality.com/hubfs/Article-Reports/COTALITY%20HVI%20OCT%202026%20FINAL.pdf