Australia වල High Study කරන්න යන්න හිතන් ඉන්නවද? එහෙනම් මේ දේවල් අනිවාර්යයෙන්ම දැනගන්න!

Australia වලට ගිහින් higher studies කරන්න හිතන් ඉන්නවද? එහෙනම් මේක අවසන් වෙනකන්ම කියවන්න.ඔයාට මුලික idea එකක් ගන්න පුළුවන්. Australia කියන්නේ ලෝකේ තියෙන හොඳම අධ්‍යාපන ක්‍රමයක් තියෙන රටක්. ඉතින් ඔයාත් මේ හීනෙට යන්න ලෑස්ති වෙන කෙනෙක් නම්, ඔයාට හරියනම course එක හොයාගන්න වගේම එහේ ජීවත් වෙන එක ගැන හරියටම දැනගන්න පාවිච්චි කරන්න පුළුවන් ලේසිම tools සහ steps ටිකක් ගැනයි අද අපි කතා කරන්නේ.

Australia වල study කරන්න හිතන ඔයාට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන ප්‍රධාන websites දෙකක් තියෙනවා.

1. CRICOS හරහා ඔයාට ගැලපෙනම Course එක හොයාගන්න.

  • CRICOS (Commonwealth Register of Institutions and Courses for Overseas Students) කියන්නේ international students ලට Australia වල තියෙන courses සහ universities ගැන හොයලා බලන්න තියෙන හොඳම තැනක්.මේකෙන් ඔයාට පුළුවන් Student visa එකක් යටතේ කරන්න පුළුවන් courses මොනවාද කියලා බලාගන්න.
  • Australia පුරාම තියෙන education providers ලා (Universities, Colleges) ගැන හොඳ අවබෝධයක් ගන්න.
  • ඔයා කරන්න හිතන් ඉන්න course එකට යන වියදම (costs) වෙනත් courses එක්ක compare කරලා බලලා ඔයාගේ budget එකට හරියන හොඳම තැන තෝරගන්න.
    (Link: cricos.education.gov.au)

2. Study Australia හරහා ඔයාගේ ජීවිතේ Plan කරන්න.

  • Australia වල ඉගෙනගන්න යනවා කියන්නේ හොඳ education එකක් වගේම ලොකු experience එකක් ගන්න එකට. World-leading education institutions සහ premium training facilities වගේම හොඳ lecturers ලගෙන් ඉගෙනගන්න මේක ලොකු අවස්ථාවක්. Study Australia website එකෙන් ඔයාට මේ දේවල් දැනගන්න පුළුවන්.
  • ඔයාගේ study destination එක විදිහට Australia තෝරගන්න තියෙන විශේෂ හේතු.
  • එහේ ජීවත් වෙන විදිහ (Information about living in Australia).
    Study කරන ගමන් part-time වැඩ කරලා කීයක් හරි හොයාගන්න විදිහ (Working while you study).
  • (Link: www.studyaustralia.gov.au)

Steps 5කින් Australia වල Study කරන්න ලෑස්ති වෙමු!
මේ ගමන යන්න නම් ඔයා පිළිවෙලට වැඩ ටික කරගන්න අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ steps 5 follow කරන්න.

Step 1
Choose your study area (ඔයාගේ field එක තෝරගන්න)
ඔයාගේ career goal එක මොකක් වුණත්, ඒකට යන්න උදව් වෙන හොඳ study area එකක් මුලින්ම තෝරගන්න.

Step 2:
Choose your course
කලින් සදහන් කරපු පරිදි course search tools පාවිච්චි කරලා courses හොයලා බලලා, හොඳට compare කරලා ඔයාට ගැළපෙනම course එක තෝරගන්න.

Step 3
Plan your budget
ඔයාගේ studies වලට යන වියදම වගේම, එහේ ජීවත් වෙන්න (living expenses) කොච්චර වියදමක් යනවද කියලා estimate කරලා budget එකක් plan කරගන්න.

Step 4
Prepare your student visa application
ඔයා කරන්නේ මාස 3කට වඩා වැඩි full-time course එකක් නම්, ඔයාට අනිවාර්යයෙන්ම student visa එකක් ඕනේ වෙනවා. ඒ නිසා visa application එකට අවශ්‍ය documents ඉක්මනින්ම ලෑස්ති කරගන්න.

Step 5
Get ready to study ඔයාගේ university offer එක accept කරලා, visa වැඩ කරගන්න.

අනිවාර්යෙන්ම කාලෙන් කාලෙට වෙනස් වෙන visa rules පිළිබදව ද සොයාබලන්න අමතක කරන්න එපා.

වැඩිදුර තොරතුරු -https://www.education.gov.au/international-education/studying-australia#toc-study-australia

Don't forget to share this post!

Recent Posts