Spring season කාලෙට Australia වල supermarket එකකට හරි farmers’ market එකකට හරි ගියාම ගොඩක් අලුත් එළවළු, පලතුරු දකින්න පුළුවන්. Nutrition experts ලා කියන විදියට seasonal දේවල් කෑමට ගන්න එක අපේ සෞඛ්‍යයට වගේම pocket එකටත් ගොඩක් හොඳයි.
ඉතින් ඔක්තෝබර් මාසයේ ඔයාගේ shopping trolley එකට අනිවාර්යයෙන්ම දාගන්න ඕන best deals සහ freshest produce මොනවද කියලා අපි බලමු!
The Green Stars: Asparagus, Peas & Broad Beans
Asparagus
මේ දවස්වල Asparagus ගොඩක් fresh. ගොඩක් අය මහත asparagus ගන්න අකමැති වුණත්, ඇත්තටම ඒවා ගොඩක් juicy සහ flavourful. White asparagus ටිකක් ගණන් වුණත් ඒකෙ රහ නම් වෙනස්ම level එකක තියෙනවා (හැබැයි උයන්න කලින් පොත්ත peel කරන්න අමතක කරන්න එපා). Omelette එකකට හරි cheese sauce එකක් එක්ක හරි කන්න.

Peas
Frozen peas පාවිච්චි කරන එක ලේසි වුණත්, මේ දවස්වල fresh garden peas සහ snow peas ගොඩක් තියෙනවා. Fresh peas වල pods (පොතු) විසි කරන්නේ නැතුව, ගෙදරදීම vegetable stock එකක් හදාගන්න පාවිච්චි කරන්න පුළුවන්.
Broad Beans
Broad beans විතරක් නෙවෙයි, ඒවගේ ළපටි කොළ (broad bean tips) පවා සලාද වලට දාලා අමුවෙන්ම කන්න පුළුවන්.ගෝවා කුලයේ එළවළු සහ Asian Greens
Broccoli සහ Cauliflower මේ දවස්වල ගොඩක් හොඳ value එකකට ගන්න පුළුවන්. ඒ වගේම Chinese broccoli, Bok choy වගේ Asian greens ත් ගොඩක් ලාභයි. Stir-fry එකකට දාගන්න මේවා ගැලපෙනවා.
Tip එකක්- සමහර අයට (විශේෂයෙන්ම පොඩි අයට) මේ Vegetables වල තිත්ත රහක් එනවා වගේ දැනෙන්න පුළුවන්. ඒකට හොඳම විසඳුම තමයි මේවා overcook කරන්නේ නැතුව roast කරන එක එහෙමත් නැත්නම් රසම රස cheese sauce එකක් එක්ක කන්න දෙන එක!
Seeing Red: Capsicum සහ Beetroot
Capsicum
Queensland වලින් එන red capsicums මේ දවස්වල මාර bargains වලට ගන්න පුළුවන් කියලා තමයි green grocers ලා කියන්නේ. ඉතින් ඊළඟ සති කිහිපය ඇතුළත capsicum ගොඩක් අඩුවට ගන්න පුළුවන් වෙයි.
Beetroot: Beetroot අමුවෙන් සලාද වලට දාන්නත්, උයලා කන්නත් පුළුවන්. ගොඩක් අය beetroot කොළ ටික අයින් කළාට, ඒ කොළ ටික olive oil චුට්ටක් දාලා තෙම්පරාදු කරලා (blanch කරලා) කන්න පුළුවන්. ඒක මාරම healthy!
Fresh Herbs
මේ කාලෙට spring onions, coriander, parsley වගේ දේවලුත් market එකේ පිරිලා. ඒ නිසා ගණනුත් අඩුයි.
October මාසයේ පලතුරු
Mangoes
මේ දවස්වල Western Australia සහ Queensland mango season එක එකට පටන් ගන්න නිසා ඉස්සරහට අඹ ගණන් සෑහෙන්න අඩු වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.
Berries
Grapes තාමත් ගණන් වැඩි වුණත්, Victoria වල strawberries දැන් එන්න පටන් අරන්. ඉස්සරහට raspberries, blueberries සහ blackberries වගේ දේවලුත් market එකට එයි.
Citrus
Blood oranges, mandarins වගේ දේවල් වල season එක දැන් ඉවර වේගෙන යන්නේ. හැබැයි ඔයාට තාමත් great value එකකට ලෙමන් සහ දොඩම් bags ගන්න පුළුවන්.
හැමදාම කන දේවල්ම විතරක් ගන්නේ නැතුව, මේ පාර supermarket ගියාම trolley එකට ඔයා කාලෙකින් කාපු නැති seasonal fruits & veggies ටිකකුත් දාගන්න. ඒකෙන් ඔයාගේ කෑම වේලට අලුත් රහක් වගේම ලොකු පෝෂණයකුත් එකතු වෙයි!