2027 අවුරුද්දට ඔයාගේ budget එකට හරියන ඒ වගේම උපරිම වටිනාකමක් (best value for money) දෙන holidays Destination එක කොහෙද තියෙන්නේ කියලා දැනගමුද?
මෑතකදී නිකුත් වුණු Skyscanner Travel Trends 2027 Report එකට අනුව අඩුවටම සහ හොඳම experience එකක් ගන්න පුළුවන් රටවල් සහ නගර කිහිපයක් නම් කරලා තියෙනවා. මේ list එක දැක්කම ඔයා පුදුම වෙන්නත් පුළුවන්!
මේ අලුත් report එකෙන් හොයාගෙන තියෙන විදියට දැන් ගොඩක් travellers ලා ‘currency chasers’ ලා බවට පත් වෙලා කියලා. ඒ කියන්නේ තමන්ගේ රටේ මුදල් වලට සාපේක්ෂව හොඳ exchange rate එකක් (විනිමය අනුපාතයක්) තියෙන රටවල් වලට travel කරන්න ඔවුන් වැඩි කැමැත්තක් දක්වනවා. Skyscanner travel expert කෙනෙක් වෙන Jarrod Kris කියන විදියට, “මිනිස්සු වෙන දේවල් වලින් වියදම් අඩු කරගෙන හරි travel කරන්න සල්ලි ඉතුරු කරනවා.”

2027 Best Value Destinations (උපරිම වටිනාකමක් දෙන නගර 5)
ඔයාගේ budget එකට ලොකු බරක් නැතුව travel කරන්න පුළුවන් ලෝකේ හොඳම places 5ක් මේ list එකේ තියෙනවා.
මේ list එකේ අංක එකටම තියෙන්නේ මෙක්සිකෝවේ අගනුවරයි.(Mexico City, Mexico)
Hamilton, New Zealand: Waikato River එක අයිනේ තියෙන මේ නගරය ලස්සන walks, gardens සහ cafés වලට ගොඩක් ප්‍රසිද්ධයි.
Montreal, Canada: කැනඩාවේ තියෙන ලස්සනම නගරයක්.
Okinawa, Japan: ජපානයේ තියෙන ලස්සනම tropical beaches තියෙන පළාතක්. ජපන් යෙන් (Yen) අගය දුර්වල වෙලා තියෙන නිසා මේ කාලේ ජපානයට යන එක budget එකට ගොඩක් වාසියි.
Vienna, Austria: යුරෝපයේ තියෙන කලාත්මකම නගරයක් වෙන වියනා තමයි පස්වෙනි තැන අරන් තියෙන්නේ.
විශේෂත්වය තමයි ඔස්ට්‍රේලියාවේ Adelaide නගරයත් මේ list එකේ 10 වෙනි තැනට ඇවිත් තියෙනවා. Central Markets, ලස්සන parklands සහ wine වලට මේ නගරය ගොඩක් ප්‍රසිද්ධයි.
2027 Trending Destinations
මේ අවුරුද්දේ ගොඩක් අය හොයන්නේ නිකම්ම නගර වලට වඩා ටිකක් වෙනස්, nature එකත් එක්ක connect වෙන්න පුළුවන් remote locations.
Bishkek, Kyrgyzstan: ගොඩක් අය map එකේවත් දැකලා නැති වුණාට මේ රටේ popularity එක 800% කින් විතර වැඩි වෙලා තියෙනවා!
Song-Kol lake වගේ isolated landscapes, අශ්වයෝ පදින්න (horseback riding), සහ යර්ට් (yurt) වල නැවතිලා වෙනස්ම nomadic adventure එකක් ගන්න මේක හොද අවස්ථාවක්.
Lord Howe Island, Australia: ඔස්ට්‍රේලියාවෙන් trending list එකට ආපු එකම තැන. මෙහෙට එක පාරකට visitors ලා 400 කට විතරක් යන්න දෙන නිසා හරිම peaceful තැනක්.
Vietnam: හොඳ currency rates නිසා වියට්නාමය (විශේෂයෙන් Da Nang නගරය) ගැන හොයන ප්‍රමාණයත් 25% කින් විතර වැඩි වෙලා තියෙනවා.
Skyscanner එකෙන් දීපු සම්පූර්ණ ලැයිස්තුව
Best Value Destinations 2027
- Mexico City, Mexico
- Hamilton, New Zealand
- Montreal, Canada
- Okinawa, Japan
- Vienna, Austria
- Ankara, Türkiye
- Prague, Czechia
- Medan, Indonesia
- Fuzhou, China
- Adelaide, Australia
- Trending Destinations 2027:
- Bishkek, Kyrgyzstan
- Marseille, France
- Iloilo, Philippines
- Lord Howe Island, Australia
- Da Nang, Vietnam
- Tbilisi, Georgia
- Hamburg, Germany
- Praya, Indonesia
- Shenzhen, China
- Copenhagen, Denmark
ඉදිරියේදී airfares (ගුවන් ටිකට්පත් ගාස්තු) අඩු වෙයිද කියලා හරියටම කියන්න බැරි වුණත්, මේ වගේ exchange rate එක වාසිදායක රටක් තෝරගත්තොත් ඔයාටත් අඩුවට 2027 දී සංචාරය කරලා එන්න පුළුවන්.