ඕස්ට්‍රේලියාවේ අලුත්ම නීතිය! Course මාරු කරලා Student Visa එක නැති වෙන්න කලින් කියවන්න.

ඔයාගේ වර්තමාන Student Visa එක ලැබුණාට පස්සේ ඔයා Education Provider වෙනස් කර ඇත්නම් හෝ පාඨමාලාව සම්පූර්ණ කිරීම සඳහා තවත් මාස 12කට වඩා වැඩි කාලයක් අවශ්‍ය වී ඇත්නම් මෙම නීති මාලාව ඔයාට අදාළ වේ. මෙම අවස්ථාවන්හිදී Australia ඇතුළත සිට apply කිරීමට ලබාදෙන course completion exemption එක ඔයාට හිමි නොවෙන අතර අලුත් Student Visa එකක් lodge කරන විට සහ එය grant වන විට ඔයා අනිවාර්යයෙන්ම Australia වලින් පිටත (Outside Australia) සිටිය යුතුය.
Travel කිරීමට පෙර සූදානම් විය යුතු දේවල්
වත්මන් වීසා එකෙහි expiry date එක පරීක්ෂා කර ඊට පෙර Australia වලින් පිටවීමට සැලසුම් කරන්න.
අධ්‍යාපන ආයතනය සම්බන්ධ කරගෙන අලුත්ම Confirmation of Enrolment (CoE) එකක් ලබාගන්න.
Health check එකක් අවශ්‍ය දැයි My Health Declarations service එක හරහා තහවුරු කරගෙන, අවශ්‍ය නම් Bupa Medical Visa Services හරහා HAP ID එකක් ලබාගෙන පරීක්ෂණ කරගන්න.
Document Checklist Tool එක භාවිතයෙන් අවශ්‍ය සියලුම ලියකියවිලි සම්පූර්ණ කරගන්න.
Apply කිරීම සහ Biometrics ලබාදීම.
ඔයා Australia වලින් පිටතට ගිය පසු ImmiAccount හරහා application එක lodge කරන්න. මේ සඳහා Bridging Visa එකක් හිමි නොවේ. Visa එක grant වනතුරු නැවත Australia පැමිණීමට ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීමෙන් වළකින්න. ඔයා අයදුම් කරන රට අනුව Biometrics (fingerprints සහ ඡායාරූප) ලබාදීමට සිදුවිය හැක. එසේ අවශ්‍ය නම් ImmiAccount එකට ලැබෙන request letter එකෙහි උපදෙස් අනුව වහාම appointment එකක් වෙන්කරවා ගන්න.
Priority Processing (ප්‍රමුඛතා පදනම මත වීසා සැකසීම).
පහත සඳහන් අවශ්‍යතා සපුරාලන සිසුන්ගේ applications සඳහා දින 5ක් (5 business days) ඇතුළත priority processing ලබාදීමට Department එක කටයුතු කරයි.
Nursing හෝ Medical වැනි compulsory clinical placements සම්පූර්ණ කිරීමට අමතර කාලයක් අවශ්‍ය වී education providers මාරු කළ සිසුන්.
හොඳ study progress එකක් පවත්වා ගනිමින්, එම level එකේම පාඨමාලාවක් සඳහා වෙනත් සමාන ආයතනයකට මාරු වූ සිසුන්.
 දිගින් දිගටම studies defer කරන හෝ limited progression එකක් ඇති සිසුන්ට මෙම priority එක හිමි නොවන අතර ඔවුන්ට standard processing time එකක් ගතවේ.
හදිසි අවස්ථාවකදී Visitor Visa (Subclass 600) භාවිතය
ඔයාට ලඟදීම final exams වැනි අත්‍යවශ්‍ය කටයුත්තක් ඇත්නම් සහ Student visa එක expire වී ඇත්නම්, Visitor Visa එකකට apply කළ හැක. එමගින් උපරිම මාස 3ක කාලයක් studies සඳහා අවසර ලැබේ. නමුත් මෙය ඔයාගේ Temporary Graduate visa (subclass 485) එකට බලපෑම් කළ හැකි අතර Visitor visa එකක සිටින අතරතුර Australia ඇතුළත සිට නැවත Student visa එකකට apply කිරීමටද හැකියාවක් නැත.
වැඩිදුර විස්තර දැනගන්න පිවිසෙන්න.

Don't forget to share this post!

Recent Posts