ඕස්ට්‍රේලියාවේ ගෙවල් ගන්න හිටපු අයට සුපිරි ආරංචියක්! ප්‍රධාන නගරවල House Prices පහළට

Domain ආයතනයේ නවතම වාර්තාවන්ට අනුව වසර 15කට පසු පළමු වරට ඕස්ට්‍රේලියාවේ සියලුම capital cities වල නිවාස මිල ගණන් (house prices) පහත වැටී ඇත. මෙම කාර්තුවේදී සමස්තයක් ලෙස 4.7% ක මිල අඩුවීමක් වාර්තා වී ඇති අතර එය ඉතිහාසයේ වාර්තා වූ විශාලතම quarterly drop එක ලෙස සැලකෙනවා.

ප්‍රධාන නගර වල තත්වය
විශාලතම කඩාවැටීම Perth නගරයෙන් වාර්තා වන අතර එය 7.4% කි. මීට අමතරව Sydney නගරයේ 4.7% කින් සහ Melbourne හි 3.3% කින් නිවාස මිල පහත වැටී ඇත. Unit prices ද 3.5% කින් අඩු වී තිබේ.

මිල අඩුවීමට හේතු
Rising interest rates, ජීවන වියදම ඉහළ යාම (cost-of-living pressures) සහ affordability අඩුවීම මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇත. ආර්ථික විශේෂඥ Nicola Powell පෙන්වා දෙන්නේ දැන් වෙළඳපොලේ වාසිය සම්පූර්ණයෙන්ම ගැනුම්කරුවන්ට (buyers) හිමිවී ඇති බවයි. නිවාස විකිණීමට වැඩි කාලයක් ගතවන අතර මිල ගණන් negotiate කිරීමට buyers ලාට දැන් වැඩි අවස්ථාවක් ඇත.

Market Segments වල වෙනස
Cotality දත්ත වලට අනුව වඩාත්ම මිල පහත වැටී ඇත්තේ මිල අධික (most valuable) නිවාස වලයි. නමුත් lower-value homes වල මිල ගණන් සාපේක්ෂව stable මට්ටමක පවතී. විශේෂඥයන් පවසන්නේ interest rates නැවත අඩු කරන තුරු මෙම property market downturn එක දිගටම පවතිනු ඇති බවයි. අනාගතයේදී මිල තවත් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බැවින් first-home buyers ලා නිවාස මිලදී ගැනීමට ඉක්මන් නොවන බවක් දක්නට ලැබේ.

Don't forget to share this post!

Recent Posts