Australia යන්න බලාපොරොත්තු වෙන අයට තියෙන ප්රධානතම ගැටලුවක් තමයි “Visa එක එන්න කොච්චර කල් යයිද?” කියන එක. 2026 අගෝස්තු මාසයේ නිකුත් කරපු අලුත්ම දත්ත වලට අනුව median visa processing times ගැන පැහැදිලි විස්තරයක් පහතින් දැක්වෙනවා.
Visa Processing Time එක වෙනස් වෙන්න ප්රධාන හේතු
සමහර applications ඉක්මනින් process වෙද්දී තවත් ඒවට කල් යන්නේ මේ හේතු නිසා,
- අවශ්ය කරන සියලුම supporting documents නිවැරදිව ලබා දී තිබීම.
- Paper applications වලට වඩා Online apply කිරීම හරහා processing ක්රියාවලිය වඩාත් කාර්යක්ෂම වීම.
- Health, character සහ national security checks සඳහා බාහිර ආයතන වලින් තොරතුරු ලැබීමට ගතවන කාලය.
- Visa application එකේ සංකීර්ණත්වය සහ ඒ කාලය තුළ ලැබෙන applications ප්රමාණයේ (volume) අඩු වැඩි වීම්.
- රජයේ ප්රතිපත්ති (Ministerial Directions) වෙනස් වීම් සහ පැරණි applications process කිරීමට ප්රමුඛතාවය දීමට සිදුවීම.

ප්රධාන Visa කාණ්ඩ වල Median Processing Times (2026 අගෝස්තු)
Skilled (Permanent)- මාස 8යි. මෙහිදී සම්පූර්ණ application එකක් (complete application) submit කිරීම ගොඩක් වැදගත් වෙනවා.
Employer-sponsored අයට nomination එකයි visa එකයි එකටම දාන එකෙන් ප්රමාද වීම් අඩු කරගන්න පුළුවන් වෙනවා.
Partner (Provisional/Temporary)- මාස 23යි. අලුත්ම Ministerial Direction 117 අනුව දැනට Australia ඇතුලේ ඉඳන් apply කරන (onshore) අයගේ family applications වලට ඉහළම priority එකක් ලැබෙනවා.
Skilled (Temporary)- දින 134යි. මේකත් අදාළ Ministerial Directions සහ application එකේ සම්පූර්ණත්වය මත වෙනස් වෙන්න පුළුවන්.

Student Visa- දින 22යි. අලුත් නීති වලට අනුව (Ministerial Direction 115) මේවා process වෙන නිසා, course එක පටන් ගන්න කලින් කල් තියා apply කරන එක තමයි සුදුසුම.
Visitor Visa- දින 1කටත් අඩුයි (බොහෝවිට). හැබැයි සමහර රටවල් සහ locations අනුව processing delays එන්න පුළුවන්. ඒ නිසා travel කරන්න කලින් ඉක්මනින් apply කරන්න වගේම flights book කරන්න කලින් visa එක එනකම් ඉන්න එක නුවණට හුරු වෙනවා.
Working Holiday Maker- දින 2යි. දැනට onshore අයට priority දෙන නිසා, offshore ඉඳන් දාන අයට සමහරවිට මාස 3ක් වගේ ගතවෙන්නත් පුළුවන්.
ඔබේ visa එක ඉක්මනින් සහ පරක්කුවක් නැතුව ලබාගන්න තියෙන හොඳම ක්රමය තමයි application එක submit කරන වෙලාවේම අදාළ සියලුම supporting documents එකවර ලබා දීමයි.
වීසා සැකසීමට සාමාන්යයෙන් ගතවන කාලය පරීක්ෂා කර බලන්න,
http://immi.homeaffairs.gov. au/…/visa…/overview වෙත පිවිසෙන්න.