පසුගිය මාර්තු මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ නිවාසවල median value එක ඩොලර් 63,400 කින් පමණ පහත වැටී තිබෙනවා. දේපළ පර්යේෂණ ආයතනයක් වන Cotality පෙන්වා දෙන පරිදි මෙය පසුගිය වසර 40 තුළ ඕස්ට්‍රේලියානු නිවාස වෙළෙඳපොළේ සිදුවූ වේගවත්ම downturn එකයි.
දත්ත සහ වර්තමාන තත්ත්වය
ජාතික නිවාස මිල ගණන් (National house prices) අඛණ්ඩව හත්වැනි මාසයටත් පහත වැටී ඇත. නවතම Home Value Index (HVI) දත්තවලට අනුව ඔක්තෝබර් මාසයේදී එය 1.2% කින් අඩු වී ඇති අතර මාර්තු මාසයේ තිබූ උපරිම අගයට (peak) වඩා මේ වන විට 6.7% ක කඩාවැටීමක් වාර්තා වී තිබෙනවා. මේ අනුව වර්තමාන ජාතික මධ්‍යස්ථ නිවාස මිල $884,855 ක් ලෙස සටහන් වෙනවා. විශේෂයෙන්ම capital city values මාස හතක් තුළ 8.1% කින් පහත වැටී ඇත.

මිල අඩුවීමට බලපාන ප්‍රධාන හේතු
Cotality හි පර්යේෂණ ප්‍රධානී Gerard Burg පවසන පරිදි මෙය ප්‍රධාන වශයෙන්ම “demand-led downturn” එකක්. ඉහළ පොලී අනුපාත (higher interest rates) හේතුවෙන් buyers ලාට loans ලබාගැනීමට ඇති අපහසුව සහ මාසික වාරික ඉහළ යාම මීට ඍජුවම බලපා තිබෙනවා. ඊට අමතරව negative gearing සහ capital gains tax සම්බන්ධයෙන් රජය ගෙන ආ නව බදු ප්‍රතිපත්ති නිසා investor demand එකත් සැලකිය යුතු ලෙස අඩුවී ඇත.
නගර අනුව බලපෑම
Brisbane, Adelaide, සහ Perth වැනි නගරවල සෑම උප නගරයකම පාහේ නිවාස මිල අඩු වී තිබෙනවා. නමුත් පසුගිය වසර 5 තුළ එම නගර ලබාගත් spectacular growth එක නිසා home owners ලාට විශාල පාඩුවක් නැහැ. කෙසේ වෙතත්, Melbourne සහ Sydney වල තත්ත්වය මීට වඩා වෙනස්. Melbourne නිවාස මිල වසර 5කට පෙර තිබූ අගයටත් වඩා 7.3% කින් අඩු වී ඇති අතර, Sydney මිල ගණන්ද 2021 ඔක්තෝබර් මට්ටමට වඩා 1.5% කින් පහළ ගොස් තිබෙනවා.
ඉදිරි බලාපොරොත්තු සහ Rate Cuts
වෙළෙඳපොළ යථා තත්ත්වයට පත්වීමට නම් Reserve Bank of Australia (RBA) විසින් පොලී අනුපාත අඩු කිරීමක් (rate cut) පිළිබඳ පැහැදිලි සංඥාවක් ලබා දිය යුතුයි. නමුත් Domain ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Nicola Powell පවසන්නේ 2027 අග භාගය වනතුරු එවැනි rate cut එකක් බලාපොරොත්තු විය නොහැකි බවයි. මේ නිසා buyer confidence එක ඉතා අඩු මට්ටමක පවතින අතර නිවාස අලෙවියද (home sales) පසුගිය වසරට වඩා 23% කින් පහත වැටී ඇත.

Buyers ලාට ඇති අවස්ථා
මෙම downturn එක නිසා වෙළෙඳපොළේ අස්ථාවරත්වයක් තිබුණත් එය ඇතැම් අයට හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම first-home buyers ලාට සහ upsize කරන්න බලාපොරොත්තු වෙන අයට මේ හරහා incredible buying opportunities නිර්මාණය වී තිබෙනවා. මිල අධික property වල මිල ගණන් වඩාත් වේගයෙන් පහත වැටෙන නිසා, වෙනත් ප්‍රාන්තවල අය (interstate buyers) Melbourne වැනි නගරවල ආයෝජනය කිරීමට දැන් වැඩි උනන්දුවක් දක්වන බව ක්ෂේත්රයේ ප්‍රවීණයන් පෙන්වා දෙනවා.