ඕස්ට්‍රේලියාවේ නිවාස මිල තවත් පහළට! ගෙවල් ගන්න ඉන්න අයට මේක වාසියක්ද? අවාසියක්ද?

ඕස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් (Australian home prices) අඛණ්ඩව 7 වන මාසයටත් පහත වැටී ඇති බව realestate.com.au නවතම Home Price Report (October 2026) මඟින් අනාවරණය කර තිබෙනවා. ඉහළ යන පොලී අනුපාත (higher interest rates) සහ දැරිය හැකි මිල සීමාවන් ඉක්මවා යාම (stretched affordability) හේතුවෙන් මීට පෙර ශක්තිමත්ව පැවති ප්‍රධාන නගරවල පවා මිල ගණන් සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතිනවා.

ඔක්තෝබර් මාසයේදී මිල ගණන් 0.3% කින් පහත වැටී ඇති අතර එය 2026 මාර්තු මාසයේ පැවති ඉහළම අගයට (peak) වඩා 4.3% කින් සහ පසුගිය වසරට සාපේක්ෂව 1.9% කින් පහත වැටී තිබෙනවා.

ප්‍රධාන නගරවල මිල ගණන් peak එකට වඩා 5.4% කින් පහත වැටී ඇති අතර වාර්ෂිකව 3.7% ක අඩුවීමක් වාර්තා වෙනවා.

සිඩ්නි නගරය මෙල්බර්න් අභිබවා යමින් වැඩිම මිල පහත වැටීමක් වාර්තා කළ නගරය බවට පත්ව තිබෙනවා (Peak එකට වඩා -6.7%). මෙල්බර්න් නගරයේ එය -6.1% ක්.

ඔක්තෝබර් මාසයේ වැඩිම මාසික පසුබෑම ඇඩිලේඩ් වලින් වාර්තා වූ අතර (-0.6%), බ්‍රිස්බේන් (-0.4%) සහ පර්ත් (-0.3%) මිල ගණන් ද තවදුරටත් පහත වැටී තිබෙනවා.

Houses vs Units
නිවාස (Houses) සඳහා වන මිල පීඩනය Units වලට වඩා ඉහළ ගිහින් තියෙනවා. ජාතික මට්ටමින් House prices peak එකට වඩා 4.6% කින් පහත වැටී ඇති අතර Unit prices පහත වැටී ඇත්තේ 3.0% කින් පමණි.

1. සිඩ්නි සහ මෙල්බර්න් (Sydney & Melbourne)
සිඩ්නි නගරයේ house prices peak එකට සාපේක්ෂව 8.2% කින් පහත වැටී 2024 අප්‍රේල් මට්ටමට පැමිණ තිබෙනවා. මෙල්බර්න් නගරයේ පසුගිය වසර 5 තුළ වර්ධනය සෘණ අගයක් (-3.5%) ගන්නා එකම අගනගරය වන අතර, එහි median value එක ($815,000) Brisbane, Perth සහ Adelaide වලටත් වඩා අඩු මට්ටමක පවතිනවා. කෙසේ වෙතත් මෙල්බර්න්හි unit prices ඔක්තෝබර් මාසයේදී සුළු වර්ධනයක් පෙන්වමින් ස්ථාවර වීමේ ලකුණු පෙන්නුම් කරනවා.

2. Brisbane, Adelaide සහ Perth හි වේගවත් පසුබෑම
පසුගිය වසර පහ තුළ දැවැන්ත වර්ධනයක් (Perth 74.8%, Adelaide 61.4%, Brisbane 54.6%) පෙන්නුම් කළ මෙම නගර තුනෙහි දැන් මිල ගණන් වේගයෙන් පහත වැටෙමින් පවතිනවා. පසුගිය මාස 3 තුළ වාර්ෂික අනුපාතයක් ලෙස (annualised rate) ඇඩිලේඩ්හි 10% කින්ද, බ්‍රිස්බේන්හි 9.5% කින්ද, පර්ත්හි 8.1% කින්ද මිල පහත වැටී තිබෙනවා.

මෙයට ප්‍රධාන හේතු සහ වෙළෙඳපොළ හැසිරීම

Reserve Bank of Australia (RBA) විසින් මේ වසර තුළ සිදුකළ පොලී අනුපාත ඉහළ දැමීම් 4 සහ ඉදිරියට අපේක්ෂිත තවත් rate hike එකක් හේතුවෙන් ගැනුම්කරුවන්ට ණය ලබා ගැනීමේ හැකියාව (borrowing power) දැඩි ලෙස සීමා වී තිබෙනවා.

සාමාන්‍යයෙන් Spring කාලයේදී වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය ඉහළ ගියත්, මෙවර listings වැඩි වුවද ගැනුම්කරුවන්ගේ උනන්දුව සහ auction clearance rates අඩු මට්ටමක පවතිනවා. Homes විකිණීමට ගතවන කාලය (selling times) ද වැඩි වී තිබෙනවා.

Capital cities වලට සාපේක්ෂව Regional ප්‍රදේශ තවමත් යම් ස්ථාවරත්වයක් පෙන්වනවා. Regional මිල ගණන් ඔක්තෝබර් මාසයේදී පහත වැටුණේ 0.1% කින් පමණක් වන අතර, එය පසුගිය වසරට වඩා 3.1% ක ඉහළ මට්ටමක පවතිනවා.
Houses මිලදී ගැනීමට අපහසු ගැනුම්කරුවන් සාපේක්ෂව මිලෙන් අඩු Units වෙත යොමුවීම නිසා Units වල මිල පහත වැටීම අඩු මට්ටමක පවතිනවා.

ඉදිරි දැක්ම 2027 දක්වා බලපෑම (Market Outlook)
උද්ධමනය (inflation) තවදුරටත් ඉහළ මට්ටමක පැවතීම සහ පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම හේතුවෙන් මෙම නිවාස මිල පහත වැටීමේ ප්‍රවණතාව 2027 වසර දක්වාම පැවතිය හැකි බව වාර්තාව පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් රැකියා වෙළෙඳපොළ (labour market) යම් මට්ටමකට ලිහිල් වී ඇතත් නිවාස හිමියන් සතුව තවමත් ප්‍රමාණවත් මූල්‍ය ශක්තියක් (equity buffers) පවතින බැවින් හදිසි අඩු මිලට දේපළ විකිණීම් (forced selling/mortgage distress) තවමත් විශාල වශයෙන් වාර්තා වන්නේ නැහැ. එබැවින් වත්මන් මිල පහත වැටීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ ගැනුම්කරුවන්ගේ මිලදී ගැනීමේ හැකියාව (purchasing power) සීමා වීමයි.

සම්පූර්ණ වාර්තාව සහ වැඩි විස්තර සඳහා (Source):https://www.realestate.com.au/insights/realestate-com-au-home-price-report-october-2026/

Don't forget to share this post!

Recent Posts