ඔයාත් Australia Training Visa apply කරනවද? Nov 12 පසු එන අලුත් නීතිය මෙන්න!

ඔස්ට්‍රේලියාවේ ඔබේ වෘත්තීය කුසලතා (skills) වර්ධනය කරගැනීමට බලාපොරොත්තු වන අයෙකුට Training visa (subclass 407) යනු ඉතා හොඳ අවස්ථාවකි. මෙම වීසා කාණ්ඩය විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ workplace-based occupational training (රැකියා ස්ථානය පදනම් කරගත් පුහුණු) සහ professional development training programs සඳහා සහභාගී වීමට අවශ්‍ය අය වෙනුවෙනි.

ප්‍රධාන වෙනස්කම් (2026 නොවැම්බර් 12 සිට)
මෙම වීසා එක සම්බන්ධයෙන් මෑතකදී හඳුන්වා දුන් ඉතාම වැදගත් නීතියක් තිබෙනවා. 2026 නොවැම්බර් 12 සිට, ඔබ මෙම වීසා එක සඳහා apply කරන විට සහ වීසා එක grant කරන ලබා දෙන, අවස්ථාව වන විට අනිවාර්යයෙන්ම ඔස්ට්‍රේලියාවෙන් පිටත (outside Australia) සිටිය යුතුයි. ඒ නිසා ඔබේ වීසා ගමන් සහ පුහුණු සැලසුම් සකස් කිරීමට පෙර මේ නව නීති ඔබට බලපාන ආකාරය ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න.

වීසා එකේ මූලික තොරතුරු
මෙය temporary visa එකකි. ඔබට උපරිම වශයෙන් අවුරුදු 2ක කාලයක් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට අවසර ලැබිය හැක.

මූලික වීසා ගාස්තුව AUD 535.00 සිට ආරම්භ වේ. (Pacific Island සහ Timor-Leste පුරවැසියන්ට විශේෂ මිල අඩු කිරීම් ඇත). සම්පූර්ණ ගාස්තුව ගණනය කිරීමට Visa Pricing Estimator භාවිතා කළ හැක.

වීසා එක process වීමට යන කාලය අයදුම්කරුවාගෙන් අයදුම්කරුවාට වෙනස් වේ. ඒ සඳහා Home Affairs වෙබ් අඩවියේ ඇති visa processing time guide tool එක භාවිතා කිරීමෙන් මෑතකදී තීරණය වූ අයදුම්පත් සඳහා ගත වූ කාලය බලාගත හැක.

Subclass 407 වීසා එකෙන් ඔබට කළ හැකි දේවල්
ඔබේ වර්තමාන රැකියාවට, අධ්‍යාපන ක්ෂේත්‍රයට (area of tertiary study) හෝ විශේෂඥතාවයට අදාළව කුසලතා වර්ධනය කර ගැනීමට workplace-based training වල නිරත වීම.

Professional development training program එකක් සම්පූර්ණ කිරීම.

වැදගත්: මෙම වීසා එක ලබා දෙන්නේ ඔස්ට්‍රේලියාවේ ශ්‍රම හිඟය (workforce shortages) පියවීමට නොවේ. ඒ වගේම මෙම වීසා එක යටතේ ඔස්ට්‍රේලියාව තුළ ඔබ කරන සියලුම වැඩ සඳහා අනිවාර්යයෙන්ම ගෙවීම් කළ යුතුයි (paid work). මෙහිදී ගෙවිය යුතු අවම වැටුප් (minimum wages) පිළිබඳව Fair Work Ombudsman වෙබ් අඩවියෙන් දැනගත හැක.

සුදුසුකම් (Eligibility)
මෙම වීසා එක සඳහා අයදුම් කිරීමට නම් ඔබ පහත අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුයි:

  • අදාළ ආයතනයක් විසින් ඔබව Sponsored කර තිබිය යුතුයි.
  • ඔබව Nominated කර තිබිය යුතුයි (ඔබේ sponsor, Commonwealth Government agency එකක් නොවේ නම්).
  • ඔබේ sponsor, Commonwealth Government agency එකක් නම්, ඔවුන් විසින් ඔබව Invited කර තිබිය යුතුයි.
  • නව නීතියට අනුව ඔබ අයදුම්පත යොමු කළ යුත්තේ ඔස්ට්‍රේලියාවෙන් පිටත (outside Australia) සිටයි.

වැඩිදුර තොරතුරු සදහා පිවිසෙන්න: https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/training-407

Sources -Department of Home Affairs

Don't forget to share this post!

Recent Posts