මේ සතියේ Australian Property Market එකේ අලුත්ම තොරතුරු තමයි අපි මේ article එකෙන් ගෙන එන්නේ. ගොඩක් අය බලාපොරොත්තු වුණු විදිහටම market එකේ ලොකු වෙනස්කම් කීපයක්ම මේ වෙද්දි දකින්න ලැබෙනවා.
Property Values වල දැවැන්ත අඩුවීමක්
මුළු රටේම ප්‍රධාන නගරවල (Capital cities) property values පහුගිය මාසය ඇතුළත 1.4% කින් පහත වැටිලා තියෙනවා. ඒ වගේම ගිය අවුරුද්දට සාපේක්ෂව බැලුවොත් මේ අගය 6.1% කින් අඩු වෙලා තියෙනවා. විශේෂයෙන්ම Sydney සහ Melbourne නගරවල ලොකු කඩා වැටීමක් දකින්න ලැබෙනවා. මේ දත්ත වලට අනුව Sydney වල අගය 10.6% කින් අඩු වෙද්දී, Melbourne වල අගය 8.2% කින් පහත බැහැලා තියෙනවා.

Auctions සහ Selling Time එකේ වෙනස්කම්
Auction clearance rates මේ වෙද්දි ගොඩක් දුරට දුර්වල වෙලා තියෙනවා. Preliminary combined capital city clearance rate එක 44% දක්වා අඩු වෙලා තියෙනවා. මේක 2020 අප්‍රේල් මාසයෙන් පස්සේ වාර්තා වුණු අඩුම අගය විදිහට සලකන්න පුළුවන් වෙනවා. ඒ වගේම properties විකිණෙන්න යන කාලයත් (selling time) මේ වෙද්දි සැලකිය යුතු විදිහට වැඩි වෙලා තියෙනවා. ගිය අවුරුද්දේ දවස් 26කින් විකිණුන property එකක්, දැන් විකිණෙන්න සාමාන්‍යයෙන් දවස් 41ක් විතර ගත වෙනවා.
Buyers ලට වාසිදායක තත්ත්වයක්
මේ විදිහට sales slow වෙන එක සහ clearance rates අඩු වෙන එකෙන් Buyers ලට ලොකු වාසියක් නිර්මාණය වෙලා තියෙනවා. මේ නිසා හොඳට prepare වෙලා ඉන්න purchasers ලට තමන්ගේ negotiating power එක හොඳින් පාවිච්චි කරලා වාසිදායක විදිහට properties ගන්න අවස්ථාව උදා වෙලා තියෙනවා.

Rental Market එක සහ ඉහළ යන Rental Yields
Rental market එකේ conditions ටිකක් ලිහිල් වෙලා තියෙනවා. National vacancy rate එක 2.3% දක්වා වැඩි වෙලා තියෙනවා වගේම, ගොඩක් capital cities වල rental growth එකත් slow වෙලා තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් බලද්දී rental yields (ආදායම් අනුපාතය) ඉහළ ගිහින් තියෙනවා. Combined capital city gross rental yields එක 3.77% දක්වා වැඩි වෙලා තියෙනවා. මේක 2015 මැයි මාසයෙන් පස්සේ වාර්තා වුණු ඉහළම අගය විදිහට සටහන් වෙනවා.
Long-term Fundamentals සහ Market එකේ ස්වභාවය
මේ වෙද්දි Australia වල property market එක fragmented තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ එක එක cities, suburbs සහ price segments වල performance එක එකිනෙකට වෙනස් වෙනවා. ඒ නිසා අලුතින් property එකක් select කරද්දී ගොඩක් කල්පනාකාරී වෙන්න සිද්ධ වෙනවා. කොහොම වුණත් Australia වල තියෙන දැඩි housing shortage එක නිසා, හොඳ location එකක තියෙන investment-grade properties වල long-term වටිනාකම දිගටම ආරක්ෂා වෙනවා.