ඉතුරු කරපු සල්ලි නැතත් ගෙයක් ගන්න පුළුවන්ද? ඔස්ට්‍රේලියානුවන් අතර ජනප්‍රිය වෙන Property Equity!

ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළේ පවතින දැඩි මූල්‍ය පීඩනයන් (housing affordability pressures) හමුවේ තම ඊළඟ නිවස මිලදී ගැනීම සඳහා වැටුප් වර්ධනයන් මත යැපෙනවා වෙනුවට, දැනට තමන් සතු නිවසේ ගොඩනැගී ඇති වටිනාකම හෙවත් Property Equity භාවිතා කිරීමට ඔස්ට්‍රේලියානු නිවාස හිමියන් වැඩි වශයෙන් පෙළඹී සිටින බව නවතම වාර්තාවකින් හෙළි වී තිබේ. Westpac බැංකුව විසින් නිකුත් කළ නවතම Home Ownership Report වාර්තාවට අනුව ආදායම් වර්ධනයට වඩා තම දේපළවල වටිනාකම ඉහළ යාම හරහා ලැබෙන මූල්‍ය ශක්තිය මත ඔවුන් විශ්වාසය තබා ඇත.

ප්‍රධාන දත්ත සහ සොයාගැනීම් (Key Findings)
63% ක් Equity මත යැපෙයි: නිවාස හිමියන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් (63%) පවසන්නේ තම ඊළඟ දේපළ මිලදී ගැනීම සඳහා වැටුප් වැඩිවීම්වලට වඩා තම නිවසේ එකතු වී ඇති equity මත රඳා පවතින බවයි.

57% කගේ සැලසුම: වෙනත් නිවසකට මාරු වීමට සැලසුම් කරන නිවාස හිමියන්ගෙන් අඩකට වඩා (57%) තම වත්මන් නිවසේ equity මුදල් ඒ සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වේ.

සාමාන්‍ය Equity අගය: සාමාන්‍ය නිවාස හිමියෙකු සතුව $761,313 ක පමණ property equity ප්‍රමාණයක් ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර, සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකුටම (19%) අවම වශයෙන් ඩොලර් මිලියනයක equity ප්‍රමාණයක් ඇතැයි විශ්වාස කෙරේ.

කැපී පෙනෙන වර්ධනයක්: Westpac දත්තවලට අනුව, පාරිභෝගිකයින් සතු දේපළ වටිනාකමින් equity ලෙස පවතින සාමාන්‍ය ප්‍රතිශතය 2020 සැප්තැම්බර් මාසයේ පැවති 44% සිට 2026 මාර්තු වන විට 52% දක්වා ඉහළ ගොස් තිබේ.

මොකක්ද මේ Home Equity කියන්නේ?
සරලවම කිවහොත්, Home Equity යනු ඔබේ නිවසේ වත්මන් වෙළඳපොළ වටිනාකම (current market value) සහ ඔබ තවමත් ගෙවීමට ඉතිරිව ඇති නිවාස ණය (mortgage) මුදල අතර ඇති වෙනසයි.

කෙසේ වෙතත්, නිවාස හිමියෙකු සතුව ඇති සම්පූර්ණ equity මුදලම ලබා ගැනීමට හැකියාවක් නොමැත. ලබාගත හැකි මුදල තීරණය වන්නේ දේපළෙහි වටිනාකම, ඔබේ ආදායම, ණය ගැනීමේ හැකියාව (borrowing capacity) සහ බැංකු හෝ මූල්‍ය ආයතනවල කොන්දේසි මතයි.

තීරණයක් ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු
නිවාස හිමියන් සතුව සැලකිය යුතු equity ප්‍රමාණයක් තිබුණද, වර්තමාන වෙළඳපොළ තත්ත්වය හමුවේ බොහෝ දෙනෙක් තම ඊළඟ පියවර තැබීමට පෙර ඉතා ප්‍රවේශම් වෙමින් සුදුසුම අවස්ථාව එනතුරු බලා සිටිති.

මේ පිළිබඳව අදහස් දක්වමින් Westpac පාරිභෝගික බැංකු ප්‍රධාන විධායක නිලධාරිනී Carolyn McCann පවසන්නේ, නිවසේ ගොඩනැගුණු equity මුදල් නිවැරදි වේලාවට ඊළඟ නිවස මිලදී ගැනීම සඳහා විශාල නම්‍යශීලී බවක් ලබා දෙන බවයි.

නමුත් equity ලබා ගැනීමට පෙර පහත කරුණු ගැන අවධානය යොමු කරන ලෙස ඇය උපදෙස් දෙයි.

තමන්ට කොපමණ මුදලක් ණයට ගත හැකිද යන්න නිවැරදිව වටහා ගැනීම.

අමතර ණය මුදලක් ලබා ගැනීමෙන් මාසික ණය වාරික (repayments) වලට සිදුවන බලපෑම ගණනය කිරීම.

කල්තියා තම ණය දෙන ආයතනය (lender) සමඟ සාකච්ඡා කර තමන්ට වඩාත් ගැළපෙන විකල්පය තෝරා ගැනීම.

Don't forget to share this post!

Recent Posts