Victoria වල ජනප්‍රියම හා හොදම Tiny Homes 5​ක්

  • Home
  • /
  • Blog
  • /
  • Victoria වල ජනප්‍රියම හා හොදම Tiny Homes 5​ක්

නගරයෙන් පිටස්තරව Victoria වල විස්මිත කලාපීය ප්‍රදේශවල කාලය ගතකිරීමට බොහෝ ස්ථාන තිබේ. මෙලෙස නගරයෙන් මිදී නිදහ​සේ ඔබට cottage එකක හෝ cabin එකක කාලය ගතකරන්න පුළුවන්. නැත්නම් camping යන්නත් පුළුවන්. එහෙමත් නැත්තම් ඔබට ගැලපෙන Airbnb එකක් වුනත් තෝර ගන්න පුළුවන්. නමුත් මේ විචිත්‍ර options සියල්ල අතරේ අපි විශ්වාස කරන්නේ  Victoria වල tiny homes තමයි හොද​ම සහ ජනප්‍රිය option එක කියලා.

මේ tiny homes වලින් ලස්සනම view එකක් තියෙන්නේ කොහෙද කියන එක  ගොඩ දෙනෙක් අතර තියෙන වාදයක්. ඒ හේතුව නිසාම අපි Urban List එකේ top picks ටිකක් මේ list එකේ එකතු කරන්න හිතුවා.

Vintage Train Carriage

මේ අලංකාර  tiny home එකේ hosts ලා වෙන්නෙ ප්‍රසිද්දම Airbnb එකක කලාකරුවන්. ඒ නිසාම වෙන්න ඇති මේ tiny home එක ඔයාල හිතනවට වඩා ගොඩක් වෙනස් එකක් වෙන්නේ. මේක 1920 ගණන්වල vintage train එකක්  පරිවර්තනය කරලා හදපු ලස්සන tiny home එකක්. මේ tiny home එකේ හය දෙනෙක්ට වුනත් සුවපහසුවේ නිදාගන්න පුළුවන්. 

Steam කියල නම් කරලා තියෙන්න මේ tiny home එකේ arched ceilings සහ cherry-red velvet curtains එකේ නමටම ගැලපෙන අයුරින් විචිත්‍රවී තිබෙන​වා. මීට අමතරව මෙහි ඇති outdoor bathtub එක , indoor wood fireplace එක , vintage pieces, සම්පූර්ණයෙන්ම ක්රියාත්මක වන kitchen එක සහ outdoor BBQ වැනි එකතු කිරීම් මේ  tiny home එකේ සුන්දරත්වය​ට තවත් එක් වෙනවා.

Anarres Organic Eco Village

 

මෙම විචිත්‍රවත් tiny home එකේ විශේෂත්ව වෙන්නේ එකේ තියෙන Aesthetic පෙනුම විතරක්​ම නෙමෙ​යි මේ tiny home එක පිහිටලා තියෙන්නෙ ඒකටම වෙන්වුන organic farm එකක. ඊට අමතරව , මේකට තවත් අලංකාරය එකතු කරන දෙයක් තමයි මේ tiny home එක වටේ තියෙන fruit and nut orchards ටික. 

ඔබ ස්වාබවදර්මයේ නිදහ​සේ කාලය ගත කරන්න කැමති කෙනෙක්නම් Anarres Organic Eco Village එක ඔබට ගැලපෙනම tiny home එකක්. Daylesford සහ Hepburn වල spa country region එකට ආසන්න​යේ Blampied වල පිහිටි මේ tiny home එක වටේම Captains Creek Winery වැනි explore කලහැ​කි අලංකාර තැන් බොහොමයක් තියෙන​වා.

Larnook At Sherbrooke

 

ප්‍රමාණය කුඩා වුවත් පෙනුම අතින් ගත්තොත් Larnook at Sherbrooke කියන්නේ Victoria වල ලස්සම tiny homes වලින් එකක්. CBD වලින් විනාඩි 40ක පමණ දුරින් තියෙන මේ tiny home එක පිහිටලා තියෙන්නේ Dandenong Ranges වල හරිත නිම්න අතරයි.  වර්ෂාවෙන් සහ සූර්ය බලයෙන් බල ගැන්වෙන මේ tiny home එක සුවපහසුකම් රාශියකි​න් සමන්විත වේ. ඇතුළත, earthy furnishings රැසක් ඔබට  සොයා ගත හැකි අතර එළිමහන් කොටසෙහි සෞම්‍ය සන්ධ්‍යාවන් සඳහා outdoor fireplace සහ hot shower එකක්ද දැකගත ඇත.

Glamtainer

 

අනිත් tiny house වලට වඩා විසිතුරු tiny house එකකට කැමතිනම්  ‘Glamtainer’ එයට හොදම තේරීම. ගසක් මුවාවෙන් නිර්මාණය කර ඇති මේ tiny house එකේ,  bedroom එකට පතිත වන උදෑසන හි​රු රශ්මිය ගලා එන wooden verandahවක් ද , තමාටම වෙන්කරපු  kitchen එකකින්​දසමන්විත වේ. සති අන්ත නිවාඩුවක් සඳහා ඔබට අවශ්ය සියල්ල මේ  tiny home එකේ සමන්විතව ඇති අතර, ඔබ එහි සුන්දරත්වය තුළ අතරමං වනු ඇතැයි නිසැක​ය.

Restored Bedford Bus

Truck-turned-tiny-home එක නිර්මාණය කරපු family එකේ තව ත්කලාත්මක හා විශ්මයජනක නිර්මාණයක් වන්නේ restored 1977 Bedford Bus එක. Bus එකක හැඩයෙන් යුත් tiny home නිසා මෙය තවත් විශේෂ වේ. victoria වල අනිත් tiny homes එක්ක compare කරනකොට මේ tiny home එකේ වෙනස්ම අද්විතීය අත්දැකීමක් විඳගන්න පුළුවන්. නගරයෙන් දුරස්ව Yarra Valley හි පිහිටි මේ tiny home එක කලබල නගරයෙන් මිදී කාලය ගත කරන්න කදිම ස්ථානය​ක් වේ .Self check-in, Netflix, සැපපහසු queen size bed එකක් , fireplace සහ outdoor bathtub එකකින් සමන්විත මේ tiny home එක ගෙදර වගේ දැනෙන වටපිටාවකි​න් සමන්විතවේ.

 

 

 

Don't forget to share this post!

Recent Posts

118 (1)
October 22, 2024