Australia හි ජනගහනයෙන් මිලියන 12.9ක් MediSecure හි සයිබර් ප්‍රහාරයකට හසු වී ඇත

  • Home
  • /
  • /
  • Australia හි ජනගහනයෙන් මිලියන 12.9ක් MediSecure හි සයිබර් ප්‍රහාරයකට හසු වී ඇත

Australia හි ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් MediSecure හි සයිබර් ප්‍රහාරයට හසු වී ඇත. නමුත් ඔවුන්ගේ දත්ත සොරකම් කර ඇත්තේ කවුරුන්ද යන්න තවම නිවැරදිව සොයා ගැනීමට හැකියාවක් ලැබි නැත. බෙහෙත් වට්ටෝරු සපයන්නාගේ පරිපාලකයින් අද සවස සිද්ධිය පිළිබඳ යාවත්කාලීනයක් නිකුත් කර ඇති අතර, එහි සඳහන් වූයේ ඕස්ට්‍රේලියානුවන්ගේන් මිලියන 12.9 ක් අප්‍රේල් මාසයේ හැක් කිරීමකට ලක් වී ඇති බවයි. එය 2022 දී Optus සහ Medibank දත්ත උල්ලංඝණය කිරීම්වලට වඩා විශාලයි.  කෙසේ වෙතත්, MediSecure දත්ත කට්ටලයේ සංකීර්ණත්වය හේතුවෙන් ඒ සඳහා සියලු සාධාරණ උත්සාහයන් දැරුවද නිශ්චිත බලපෑමට ලක්වූ පුද්ගලයන් හඳුනා ගැනීමට නොහැකි විය. නැවත මෙය යථාතත්ත්වයට පත්කරගැනීමට විශාල මුදලක් වැය වන අතර එම මුදල ගෙවීමට MediSecure හට හැකියාවක් නොමැති බව සඳහන් වෙයි. ටෙරාබයිට් 6.5 ක් සොරකම් කර ඇති අතර ඒවා මොනවාදැයි තවමත් සමාගම දන්නේ නැත – එය පිටු බිලියන ගණනක දත්ත වලට සමාන වේ. අනවසරයෙන් ඇතුළු වීම අප්‍රේල් මාසයේදී සිදු වූ නමුත් MediSecure විසින් මැයි මාසය වන තෙක් සිද්ධිය පිළිබඳව මහජනතාවට දැනුම් දී නොමැත.

 

Don't forget to share this post!

Recent Posts

Screenshot 2024-12-03 at 14.00.05
December 3, 2024