2025 සිට ඕස්ට්‍රේලියානුවන්ට එක්සත් ජනපද සංචාර ඉක්මන් සහ පහසු කිරීමට නව වැඩසටහනක්

  • Home
  • /
  • News
  • /
  • 2025 සිට ඕස්ට්‍රේලියානුවන්ට එක්සත් ජනපද සංචාර ඉක්මන් සහ පහසු කිරීමට නව වැඩසටහනක්

2025 සිට ඕස්ට්‍රේලියානුවන්ට එක්සත් ජනපද සංචාරයන් සදහා US Global Entry Program ක්‍රියාත්මක වේ. 2025 ජනවාරි මාසයේ සිට, ඔස්ට්‍රේලියානුවන්ට එක්සත් ජනපදයට ඔවුන්ගේ සංචාර ඉක්මනින් සහ පහසුවෙන් කිරීමට US Global Entry Program භාවිතා කිරීමට හැකි වේ. මෙම වැඩසටහන මගින් සංචාරකයින්ට දිගු පෝලිම්වල රැදී සිටීමට සහ එක්සත් ජනපද ගුවන් තොටුපල තුළ දී පිරවීමට ඇති ලේඛන ප්‍රමාණය ද අඩු කිරීමට ඉඩ සලසයි. එක්සත් ජනපදය තුළ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ආරක්ෂක පරීක්ෂාවන් වේගවත් කරන TSA Pre-Check ද එයට ඇතුළත් වේ. වැඩසටහනට සම්බන්ධ වීමට, ඕස්ට්‍රේලියානුවන්ට සවිස්තරාත්මක අයදුම් කිරීමේ ක්‍රියාවලියක් සිදුකිරීමට අවශ්‍ය වනු ඇත.එහි මිල $100 (A$154 පමණ) වේ.මෙම ක්‍රියාවලියට පසුබිම් පරීක්ෂාවක් සහ පුද්ගල සම්මුඛ පරීක්ෂණයක් ඇතුළත් වේ. ආරම්භයේ දී මෙම වැඩසටහන වැඩි වශයෙන් එක්සත් ජනපදයට යන ඕස්ට්‍රේලියානුවන් 1000 කට විවෘත වේ. අවසානයේදී, නව ඕස්ට්‍රේලියානු නීති සම්මත වුවහොත් එය තවත් සංචාරකයින්ට ලබා ගත හැකි වනු ඇත. Covid වසංගතය හේතුවෙන් ප්‍රමාද වූ මෙම වැඩසටහන මගින් සංචාරය වඩාත් පහසු වනු ඇති අතර දෙරටටම සංචාර පහසු කරමින් ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය අතර සබඳතාව ශක්තිමත් කිරීමට මෙමගින් අපේක්ෂා කෙරේ.

 

Don't forget to share this post!

Recent Posts

Sigiriya-Rock-Sri-Lanka
January 15, 2025