Sydneyහි නීති විරෝධී කොකේන් වෙළදාම සිදුකල ප්‍රබල පාතාල කල්ලිය පොලීසිය කොටු කර ගනියි.

  • Home
  • /
  • News
  • /
  • Sydneyහි නීති විරෝධී කොකේන් වෙළදාම සිදුකල ප්‍රබල පාතාල කල්ලිය පොලීසිය කොටු කර ගනියි.

සිඩ්නි හි නීතිවිරෝධී කොකේන් වෙළඳාම සිදුකළ පාතාල බලය බිඳ වැටේ.

සිඩ්නි හි නීතිවිරෝධී කොකේන් වෙළඳාම සංවිධානාත්මකව සහ රහසිගතව පාලනය කළ බව කියන “කොමිස්” නමින් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් පිළිබඳ තොරතුරු NSW පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.මෙම ජාලය මාස හතරක් තුළ ඩොලර් බිලියන 1.8කට වඩා වටිනා කොකේන් සපයා ඇතැයි විශ්වාස කෙරේ.

කණ්ඩායම පිළිබඳ විමර්ශන ආරම්භ වූයේ අප්‍රේල් මාසයේ දී 21 හැවිරිදි තරුණයෙකු Guildford දී අත්අඩංගුවට ගැනීමත් සමඟ ය.ඔහු සතුව තිබී කොකේන් කිලෝග්‍රෑමයක් සහ අසල වාහනයක තිබී තවත් කිලෝග්‍රෑම් 12ක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එහි වටිනාකම ඩොලර් මිලියන 20 ඉක්මවයි.මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසුව තවදුරටත් විමර්ශනය කිරීම සඳහා පොලිසිය විසින් Strike Force Barograph පිහිටුවන ලදී.

මොවුන් විසින් සිඩ්නි හි කොකේන් මිල සෘජුවම හසුරුවා ඇති අතර පෙබරවාරි සහ ජූලි අතර කොකේන් ටොන් 1.2 කට වැඩි ප්‍රමාණයක් සැපයූ බවට රහස් පරීක්ෂකයින් සොයාගෙන ඇත.රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා පාලකයෙකු, බෙදාහරින්නෙකු සහ ධාවකයෙකු ඇතුළු නිර්නාමික සාමාජිකයින්ගේ ජාලයක් භාවිතා කරමින් කණ්ඩායම ඉහළ මට්ටමේ විනයකින් සහ සම්බන්ධීකරණයකින් ක්‍රියාත්මක වී ඇත.

අලුයම වැටලීම් මාලාවකදී පොලිසිය සිඩ්නි හරහා සෝදිසි වරෙන්තු 20 ක් ක්‍රියාත්මක කර කොකේන් කිලෝග්‍රෑම් 20 ක්, මුදල් ඩොලර් 800,000 ක්, වාහන කිහිපයක්, ගිනි අවි සහ වෙනත් භාණ්ඩ අත් අඩංගුවට ගෙන ඇත. මෙම පාතාල කල්ලියේ පූර්ණ සාමාජිකයින් ලෙස සැලකෙන පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන ලදී.

පොලිස් කොමසාරිස් Karen Webb ප්‍රකාශ කළේ මෙම අත්අඩංගුවට ගැනීම් ප්‍රජාව තුළ මහජන ආරක්ෂාවට ඇති විශාලතම තර්ජනයක් සැලකිය යුතු ලෙස අවම කර ඇති බවයි.මෙම භයානක ජාලය විසුරුවා හැරීමට සහ සිඩ්නි හි කොකේන් ලබා ගැනීමේ හැකියාව අඩු කිරීමට බලධාරීන් කටයුතු කරන බැවින් විමර්ශනය දිගටම කරගෙන යන බවට ද සදහන් කර ඇත. 

Don't forget to share this post!

Recent Posts

19604cc9-758e-4286-9071-7fde3a14fecf
December 20, 2024