ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සනත්ට

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සනත්ට

තාවකාලික පදනමක් යටතේ මාස තුනක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර දැරූ සනත් ජයසූරිය මහතාට ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වසරක කොන්ත්‍රාත්තුවක් පිරිනමා තිබේ.

සනත් ජයසූරිය මහතා ඒ සඳහා එකඟ වී ඇතත් අදාළ කොන්ත්‍රාත් ගිවිසුමට තවමත් අත්සන් තබා නැත.ප්‍රධාන පුහුණුකරුවා වීමේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම මේ වන විට සාකච්ඡා කරමින් සිටිති.ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ සේවය 2024 ජූනි මාසයේ දී පැවැති 20-20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව දීර්ඝ නොකරන ලදි.එහි ප්‍රතිඵලයක් ලෙසින් ඉන්දීය සංචාරයට පොරතුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරුවා වශයෙන් සනත් ජයසූරිය මහතා පත්කරන ලදි. 

ඉන්දීය පිල හමුවේ පැවැති 20-20 තරගාවලිය පරාජය වූ නමුත් එතැන් සිට ඉතාමත් සාර්ථක ගමනක් ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලිය ජයගත්තේය.එංගලන්තයේ දී පැවැති ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය ජයගත් ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියත් 2-0 ක් ලෙසින් ජයගත්තේය. නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියකින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේ වසර 15 කට පසුවය.ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් පත්වීම බාරගැනීමත් සමගින් සනත් ජයසූරීය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයකු ලෙසින් පසුගිය දෙසැම්බර් මාසයේ දී කළ පත්වීම අහෝසි වී යනු ඇත.2023 නොවැම්බර් මාසයේ දී පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලද අන්ත පරාජයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයකු ලෙසින් 2023 දෙසැම්බර් 14 වැනිදා සිට සනත් ජයසූරිය මහතා පත්කරන ලදි.

Don't forget to share this post!

Recent Posts

Untitled-1
October 22, 2024