දකුණු කොරියානු තානාපතිනිය ශ්‍රී ලංකාවේ ජනපති හමු වී ද්වීපාර්ශික සබඳතා ශක්තිමත් කිරීමට ප්‍රතිඥා ලබාදෙයි.
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) මහත්මිය ඊයේ (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.මෙහිදී තානාපතිනි මියොන් ලී මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් පළ කරනු ලැබූ අතර දකුණු කොරියානු රජයේ සුබ පැතුම් ද පිළිගන්වනු ලැබීය.
ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා දකුණු කොරියාවේ කැපවීම පිළිබදව තානාපතිනි මියොන් ලී මහත්මිය විසින් මෙහිදී තහවුරු කරනු ලැබූ අතර දෙරට අතර දිගුකාලීන සබඳතා පිළිබඳවද මෙහිදී සිහිපත් කෙරිණි.දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින් රැකියා අවස්ථා ඉහළ නැංවීම සඳහා කටයුතු කරන බවට ද එතුමිය කොරියානු රජය වෙනුවෙන් මෙහිදී පොරොන්දු විය.
මීට අමතරව, කොරියානු සංචාරකයින් අතර ශ්‍රී ලංකාව යනු සංචාරය කිරීම සඳහා ආකර්ශනීය රටක් ලෙස ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවද සඳහන් කළාය.ශ්‍රී ලංකාව සඳහා ආර්ථික වශයෙන් සහය ලබාදීම පිළිබඳවද සහතික වූ තානාපතිවරිය, දකුණු කොරියාව ද මීට පෙර අවස්ථාවලදී මෙවැනිම ආර්ථික අභියෝගවලට මුහුණ දුන් බවත්, ඒවා ජයගැනීමේ දී කොරියාව ලැබූ අත්දැකීම් ශ්‍රී ලංකාවට ද උපයෝගී කරගත හැකි බවත් ප්‍රකාශ කළාය. කොරියානු එක්සිම් බැංකුවේ ආයෝජන සංවර්ධනයේ ප්‍රධාන අංගයක් ලෙස සලකමින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දිළිදු බව තුරන් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.
තව ද, සෞඛ්‍ය ආරක්ෂණය, දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සහ දේශගුණික විපර්යාස අවම කිරීම යන ක්ෂේත්රයන් සඳහා කොරියානු සහයෝගය ලබා දීමටද දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී මහත්මිය සහතික විය. දකුණු කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් වඩාත් හොඳින් ඒ සඳහා සූදානම් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කොරියානු භාෂා අධ්‍යාපනය පුළුල් කිරීම කෙරෙහි වන දකුණු කොරියාවේ කැමැත්ත ද තානාපති ලී මහත්මිය විසින් මෙහිදී තව දුරටත් අවධාරණය කරන ලදී.