චීනයට අයත් Tik tok සමාජ ජාලයේ කැනඩාවේ පිහිටි කාර්යාල වසා දැමීමට එරට රජය නියෝග කර තිබේ.ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව සඳහන් කරමින් අදාළ ආයතන වසා දැමීමට කැනේඩියානු රජය නියෝග කර ඇත.අන්තර්ජාලය ඔස්සේ ටික්ටොක් සමාජ ජාලයට ප්‍රවේශ වීම සඳහා කැනේඩියානු ජාතිකයින්ට තහනමක් නොමැති බවත් රජය දැනුම් දී තිබේ.කෙසේවෙතත් අදාළ ආයතන වසා දැමීමට රජය ගත් තීරණය හේතුවෙන් බොහෝ දේශීය රැකියා ප්‍රමාණයක් අහිමි වන බවට Tik tok ආයතනයේ ප්‍රකාශකයෙකු පවසයි.කැනේඩියානු රජය ගත් එම තීරණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් සඳහා යොමු වීමට ඔවුන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.