ඕස්ට්‍රේලියාවට ගිහින් ඕසි කොල්ලෙක්ගේ අතේ තිබුන ජයක් කනපිට පෙරලලා මුලු ඕස්ට්රේලියාවක්ම මවිත කරමින් සුපිරි ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ටුවින් නිලක්ෂන හේරත් ක්‍රීඩකයා සමත් වී ඇත.
ඕස්ට්‍රේලියාවේ පැවති Bondi Open PSA 3K Tour ස්කොෂ් තරගාවලියේ දී ඕස්ට්‍රේලියානුවෙක් සමග කරට කර සටන් කර නොසිතූ ජයග්‍රහණයක් ලබා ගැනීමට ටුවින් සමත් වී තිබේ. මේ තරගයේ පලමු වට දෙකෙහිම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා අතින් ටුවින් දරුණු ලෙස පරාජයට පත්වන අතර එම තරඟ වට දෙකෙහිම ලකුණු තත්ත්වය වාර්තා වුනේ ලකුණු 3-11, 7-11ක් ලෙසයි.නමුත්, තුන්වෙනි තරග වටයේ දී ටුවින් තම තරඟ විලාසය වෙනස් කරමින් ජයග්‍රහණයට දෙසට පියවර තැබීම ආරම්භ කරන අතර
තුන්වෙනි වටයේ දී එක් මොහොතකදීත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා ඉදිරියේ සිටිමින් ලකුණු පුවරුව දිස් වුනේ ලකුණු 9-4ක් ලෙසිනි.සම්පූර්ණ තරගය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයාට මේ තරගය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වන්නේ තවත් ලකුණු 02ක් පමණක් තිබිය දී ටුවින් අලු ගසා දමා නැගිටින ෆීලික්ස් කුරුල්ලෙක් වගේ සටනට ප්රවිශ්ඨ වන අතර පරාජය වීමට ගිය තරග වටයේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයාට දිනුමට අවශ්‍ය ඒ ලකුණු දෙක ලබා දීමට නොදී විශිෂ්ඨ සටනකින් අනතුරුව ලකුණු 12-14ක් ලෙස ටුවින් තුන්වෙනි වටය ජයග්‍රහණය කරලා සටනට ප්රවිශ්ඨ වනවා.එතැනින් පසු, සිව්වෙනි සහ පස්වෙනි තරග වට ලකුණු 11-7ක් 11-4ක් ලෙස ලබා ගනිමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයාට ලබන්නට තිබූ ජයක් කනපිට පෙරලලා ශ්‍රි ලංකාවට මේ සුපිරි ස්කොෂ් සටනේ ජය හිමිකර දීමට ටුවින් සමත් වනවා.
ලෝක මට්ටමේ ස්කොෂ් තරගවලට සහභාගි වෙලා පුහුණුකරුවෙක්වත් නැතුව තනියම ගිහින් සටන් කරලා ශ්‍රී ලංකාවට කීර්තියක් අරන් දීමට කටයුතු කරන මෙවැනි ක්‍රීඩකයින් අගය කළ යුතුමය.