ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් ලාබාලතම පුද්ගලයා වන ජේ ෂා පසුගිය දා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබේ.
2009 දී ගුජරාට් ක්‍රිකට් සංගමය සමගින් සිය ගමන ආරම්භ කළ ජේ ෂා,2019 දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට (BCCI)සම්බන්ධ වී එහි ලාබාලතම ලේකම්වරයා බවට ද පත්විය.
ක්‍රිකට් පරිපාලනය පිළිබඳ පුළුල් අත්දැකීම් සහිත පුද්ගලයෙක් වන ජේ ෂාගේ අධීක්ෂණය යටතේ අහමදාබාද්හි පිහිටි ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු ද සිදුවිය.