ශ්‍රී ලංකාවේ අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු දිවුරුම් දෙයි

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු දිවුරුම් දෙයි

නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිදුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (2) පෙරවරුවේ දිවුරුම් දුන්නාය.

 

මුර්දු ප්‍රනාන්දු මහත්මිය ශ්‍රී ලංකාවේ අගවිනිසුරු ධුරයට පත් දෙවැනි කාන්තාව වන අතර ශ්‍රී ලංකාවේ 48 වැනි අගවිනිසුරු වේ.

 

1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුවට එක්වූ මුර්දු ප්‍රනාන්දු මහත්මිය 1997 වසරේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධුරයටත්, 2014 වසරේදී අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයටත් උසස්වීම් ලැබුවාය. 

 

රජයේ නීතිඥවරියක ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට බැඳී වසර 30කට වැඩි කාලයක් එහි සේවය කර තිබෙන නව අගවිනිසුරුවරිය 2018 මාර්තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කර තිබේ.

 

ප්‍රනාන්දු මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ලෙස සේවය කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨ විනිසුරුවරියද වේ. මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන මුර්දු ප්‍රනාන්දු විනිසුරුවරිය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය ලබාගෙන තිබේ.

Don't forget to share this post!

Recent Posts

Prague-shooting
February 5, 2025